Monday, January 30, 2012

රෝහල් 30 ක අද දහවල් හෙද උද්ඝෝෂණ

ඒමන්ති මාරඹේ

හෙද සේවා ඉල්ලීම් 9 කට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් දිවයින පුරා පිහිටි රජයේ ප්‍රධාන රෝහල් 30 ක සේවය කරන හෙද හෙදියෝ අද (31 දා) දහවල් 12 සිට 1 දක්‌වා කාලය තුළදී එම රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි. මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය කොළඹ ජාතික, රාගම, මහරගම පිළිකා, රත්නපුර, කරාපිටිය, ශික්‍ෂණ, මහනුවර, හම්බන්තොට, පොළොන්නරුව, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, කල්මුණේ ඇතුළු ප්‍රධාන රෝහල් 30 ක්‌ ඉදිරිපිට පැවැත්වෙන බව හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා "දිවයින"ට පැවසීය.

විශ්වවිද්‍යාලවලින් පිටව ඇති හෙද උපාධිධාරීන් රාජ්‍ය හෙද සේවයට බඳවා ගැනීම, පැරැණි ව්‍යවස්‌ථාවට අදාළව (ÚÚ) ඒ ශේ්‍රණියේ උසස්‌වීම් හා අධි ශේ්‍රණියේ උසස්‌වීම් හෙද නිලධාරීන්ට ලබාදීම, වෛද්‍ය සේවාවට ලබාදුන් දුරකථන දීමනාව හෙද සේවාවටද ලබාදීම ඇතුළු ඉල්ලීම් 9 ක්‌ මුල්කරගෙන මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වෙන බව ඔහු සඳහන් කළේය.

divaina 2012.01.31

No comments:

Post a Comment