Tuesday, January 24, 2012

ඉදිරි වර්ජන තීරණයට පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ අද රැස්‌වෙති

ඒමන්ති මාරඹේ

මෙතෙක්‌ නොවිසඳුණු පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ සේවා ඉල්ලීම් 8 ක්‌ මුල් කරගෙන ගතයුතු ඉදිරි වර්ජන ක්‍රියාමාර්ගය තීරණය කිරීම සඳහා සිය විධායක කමිටුව අද (24 දා) දහවල් 12 ට රැස්‌වන බව පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්‌ඩලයේ ලේකම් සමන් ජයසේකර මහතා "දිවයින" ට පැවසීය.

සිය ඉල්ලීම් මුල්කරගෙන රජයේ රෝහල් පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් විසින් පසුගිය අඟහරුවාදා (17 දා) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණය හා බදාදා (18 දා) ක්‍රියාත්මක කළ දීපව්‍යාප්ත ලෙඩ නිවාඩු දැමීමේ ක්‍රියාමාර්ගය හරහා එම ඉල්ලීම්වලට කිසිදු විසඳුමක්‌ නොලැබීම නිසා අද පැවැත්වෙන රැස්‌වීමේදී අඛණ්‌ඩ දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්‌ කරා යැම පිළිබඳව තීරණයක්‌ ගැනීමට ඉඩ ඇතැයි ඔහු කීවේය.

මේ අතර රජයේ රෝහල් අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයන් ද ඉදිරියේදී පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සමඟ ඒකාබද්ධව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්‌ කරා යැමට අදහස්‌ කර ඇතැයි අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණෙහි කැඳවුම්කරුවකු වන නජිත් සුමනසේන මහතා ප්‍රකාශ කළේය.

Divaina 2012.01.24

No comments:

Post a Comment