Friday, January 13, 2012

පෞද්ගලික සරසවි ආරම්භ නොකරන බවට ජනපති ප්‍රසිද්ධ ප්‍රකාශයක්‌ කළ යුතු යි - මන්ත්‍රී අනුර කුමාර දිසානායක

අජිත් අලහකෝන්
පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීමට හෝ සඳහා දිරිදීමට හෝ ආණ්ඩුව කිසිදු ක්රියාමාර්ගයක්නොගන්නා බවට ජනාධිපති මහින්ද රාජපක් මහතා ප්රසිද්ධ ප්රකාශයක්කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13 දා) ප්රකාශ කළේය.
පෞද්ගලික විශ්වවිද්යාල පනත ගෙන ඒමට සූදානමක්නැතැයි ජනාධිපතිවරයා ප්රකාශ කළ මාලබේ පෞද්ගලික වෛද් විද්යාලය පිළිගත් බව ප්රකාශ කරමින් උසස් අධ්යාපන ඇමැතිවරයා මේ වන විට ගැසට්නිවේදනයක්පවා නිකුත් කර ඇතැයි අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13 දා) පැලවත්ත ජවිපෙ මූලස්ථානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවැසුවේය.
පනත පසෙක තැබීම නොව ජනාධිපතිවරයා කළ යුත්තේ ආණ්ඩුවේ අධ්යාපන ප්රතිපත්තිය කුමක් කියා ප්රකාශයක්කිරීම බව කී දිසානායක මහතා අධ්යාපනය පෞද්ගලිකකරණය කිරීම ප්රතික්ෂේප කරන බවටත් ජාතික අධ්යාපනය වර්ධනය කිරීම සඳහා ප්රතිපාදන ලබාදෙන බවටත් ජනාධිපතිවරයා ප්රසිද්ධියේ ප්රකාශයක්කළයුතු බව කීවේය.

Divaina 2012.01.14

No comments:

Post a Comment