Thursday, January 19, 2012

වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අධිකරණ නියෝගයට පටහැණියි

කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් විසින් හෙට(20) දිනයේ පැය 24 සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබීම අධිකරණ නියෝගය කඩකිරීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ට එරෙහි පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥයන් පවසයි.
ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට කිසිදු වර්ජන ක්‍රියාමාර්ගයක නිරත විය නොහැකි බවට වාරණ නියෝගයක් පවතින බව නීතීඥ චන්දන පෙරේරා මහතා පෙන්වාදෙයි.
පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම වාරණ නියෝගය කොළඹ දිසා අධිකරණය මගින් පනවා ඇති බවත්,පෙබරවාරි මස 21 වැනිදා තෙක් අදාළ වාරණ නියෝගය බලපැවැත්වෙන බවත් ඔහු අවධාරණය කරයි.
කෙසේවෙතත් රජයේ‍ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ වෛද්‍ය සභාවට සිදුකර ඇති පත්වීම් කිහිපයකට විරෝධය පළ කිරීමේ අරමුණින් හෙට උදෑසන 8 සිට පැය 24 කාලයක් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් සංකේත වර්ජනයක නිරත වන බවයි.
එහෙත් තම සේවාදායකයෙකු වන ජුලියානා දහනායක මහත්මිය විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ‍ගොනු කළ පැමිණිල්ලකට අනුව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව අදාළ වාරණ නියෝගය පනවා ඇති බව නීතීඥ චන්දන පෙරේරා මහතා පෙන්වාදෙයි.

adaderana.lk

No comments:

Post a Comment