Friday, January 13, 2012

පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ ලබන සතියේ සටනට බසිති

ඒමන්ති මාරඹේ
සේවා ඉල්ලීම් 8 ක් මුල්කරගෙන රජයේ රෝහල් පරිපූරක වෛද් සේවා වෘත්තිකයෝ ලබන අඟහරුවාදා (17) දා සෞඛ් අමාත්යාංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරතවීමටත් බදාදා (18 දා) ලෙඩ නිවාඩු මත සේවයට වාර්තා නොකිරීමටත් තීරණය කර ඇත.
මෙම වෘත්තීය සමිති ක්රියාමාර්ගයන් සඳහා රජයේ ඖෂධවේදීන්, විකිරණ ශිල්පීන්, වෛද් රසායනාගාර කාර්මික ශිල්පීන් (එම්. එල්. ටී.) වෘත්තීයවේදී චිකිත්සකයන් හා භෞතවේදී චිකිත්සකයන් (ෆිසියෝතෙරපිස්ට්ස්‌) සහභාගි වන බව පරිපූරක වෛද් වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.
පරිපූරක වෛද් සේවා උපාධිධාරි සේවාව වහා පිහිටුවීම, පරිපූරක වෛද් සේවාවන් සඳහා නිර්දේශ ඇමතුම් දීමනා, භාණ් භාරකාරත්ව දීමනා, අමතර සේවා දීමනා, දුරකථන බිල්පත් දීමනා වහා ලබාදීම, ඇන හිට ඇති පළමු ශ්රේණි උසස්වීම් වහා ලබාදීම ඇතුළු සේවා ඉල්ලීම් 8 ක් මුල් කරගෙන මෙම වෘත්තීය සමිති ක්රියා මාර්ගයන් දියත් කරන බව එම බලමණ්ඩලය කියයි.
අදාළ ඉල්ලීම් සම්බන්ධව සාකච්ඡා වට 4 ක්පසුගිය කාලයේ සෞඛ් අමාත්යාංශ නිලධාරීන් හා තම බලමණ්ඩල නියෝජිතයන් අතර පැවතියද ඒවායින් කිසිදු විසඳුමක්ලබාගැනීමට හැකි නොවූ බව පරිපූරක වෛද් වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ප්රකාශකයෙක්zzදිවයිනZZ පැවසීය.

 
Divaina 2012.01.14

No comments:

Post a Comment