Tuesday, January 17, 2012

දීපව්‍යප්ත හෙද වර්ජනයක් පිළිබඳ ජනපතිට ලිපියක්

2012 ජනවාරි 17 වෙනි අඟහරුවාදා, 10:40


හෙද සේවාවට බලපාන ගැටළු සඳහා ජනවාරි 15වැනි දා වනවිටත් විසඳුම් නොලද හෙයින් පූර්ව දැනුම් දිමකින් තොර ව දිවයින පුරා රෝහල්වල අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ජනාධිපති මහින්ද රාජපක්ෂට ලිඛිත ව දැනුම් දෙයි.
හෙද සේවාවට බලපාන්නා වූ ගැටළු ගණනාවක් සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා සෞඛ්‍ය බලධාරීන් සමග පැවැත් වූ සාකච්ඡාවලින් යහපත් ප්‍රතිචාරයක් නොලත් බව සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළ හ.
හෙද ගැටළුවලට සාධාරණ විසඳුමක් ලබා නොදුනහොත් මෙවර ආරම්භ කරන වැඩ වර්ජනය ජේ ආර් ජයවර්ධන යුගයේ ආරම්භ කළ හෙද වර්ජනයට දෙවැනි නොවන බවට උන් වහන්සේ අනතුරු අඟවති.
asianmirror.lk

No comments:

Post a Comment