Thursday, January 12, 2012

සරසවි ඇදුරෝ 17 වැනිදා සංකේත වැඩ වර්ජනයක

නිලන්ත මදුරාවල
පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට සහ එකඟතාවන් ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව ලබන 17 වැනිදා සංකේත වැඩවර්ජනය පවත්වන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවැසීය.
පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ක්‍රියාත්මක නොකළ යුතු බවට කැබිනට්‌ මණ්‌ඩලයේදී අදහස්‌ පළ වුවද එය ස්‌ථිර වශයෙන්ම ඉවත් කරනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවද ඒ මහතා සඳහන් කළේය.
සිය වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කරුණු දැක්‌වීම සඳහා නාවල පිහිටි විවෘත විශ්වවිද්‍යාලයේ ඊයේ (12 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළ සභාපතිවරයා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අදියර හතරක්‌ යටතේ වැටුප් වැඩි කිරීමේ එකඟතාව ද මේ වන විට අමාත්‍යාංශය කඩකර ඇති බවත් කීවේය. වෘත්තීය ක්‍රියාමාර්ග රැසකින් පසුව අමාත්‍යාංශය සමග පැවැති සාකච්ඡාවලදී එකඟ වූ ආකාරයට විශ්වවිද්‍යාලවල අභ්‍යන්තර විභාග රාජකාරි දීමනා මෙන්ම විශ්වවිද්‍යාලවල බාහිර දේශන පැවැත්වීමේදී දැනට ගෙවන දීමනා වැඩි කිරීමේ චක්‍රලේඛ නිකුත් නොකර ආචාර්යවරුන් බරපතළ රැවටීමකට ලක්‌ කර ඇතැයිද දේවසිරි මහතා සඳහන් කළේය. එම සමිති සම්මේලනයේ ලේකම් රොහාන් ප්‍රනාන්දු හා මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීම් මෙන්ඩිස්‌ යන මහත්වරුද මාධ්‍ය හමුවට එක්‌ව සිටියහ.

 
divaina 2012.01.13

No comments:

Post a Comment