Thursday, January 19, 2012

ඩෙංගු මර්දනය බලන්න ඇමැති යයි

ජාතික මදුරු මර්දන සතිය නිමිත්තෙන් ක්‍රියාත්මක කරන ලද විශේෂ වැඩසටහනක්‌ ඊයේ (18 වැනිදා) මාලිගාවත්ත කම්මල්වත්ත මහල් නිවාස සංකීර්ණය අසලදී පැවැත්විණි. ශ්‍රී ලංකා පොලිසිය, යුද හමුදාව කොළඹ නගර සභාවේ මහජන සෞඛ්‍ය අංශය, වෛද්‍ය පර්යේෂණායතනය, කීට විද්‍යා සහකාර සංගමය ඇතුළු අංශ ගණනාවක සහභාගිත්වයෙන් මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක විය.

මෙහිදී නිවාස ගණනාවක්‌ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පරීක්‍ෂාවට ලක්‌කළ අතර, විශේෂයෙන්ම අපවිත්‍ර ජලය බැසයැමට තිබෙන කාණු පද්ධතිය අනවසර ඉදිකිරීම් නිසා අවහිර වී තිබීමෙන් එම ස්‌ථාන මදුරු ඝනත්වය ඉහළ යැමට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන ආකාරය නිරීක්‍ෂණය කළේය.

මෙම අවස්‌ථාවට සෞඛ්‍ය අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ප්‍රදීප් කාරියවසම් මහතා ප්‍රමුඛ පිරිසක්‌ සහභාගි වූහ.

Divaina 2012.01.19

No comments:

Post a Comment