Thursday, January 12, 2012

ඩෙංගු මර්දන සටනට ගම්පහ රෝහ‍ලේ ප්රධතිකාර ඒකකයක්

lakbima 2012 ජනවාරි 12 වෙනි බ්‍රහස්පතින්දා, 22:45
ආරියපාල වීදාගම
ගම්පහ දිස්ත්‍රික් රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළු කෙරෙන ඩෙංගු රෝගීන්ට ඉක්මනින් ප්‍රතිකාර ලබාදීම සඳහා දැඩි සත්කාර ඒකක 5ක් විවෘත කර ඇති බව එහි පරිපාලන වෛද්‍ය අධිකාරී විශේෂඥ ජී. සුදත් කේ. ධර්මරත්න මහතා ලක්බිමට පැවැසීය.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා බස්නාහිර  පළාත් සෞඛ්‍ය අංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත පිහිටුවා ඇති මෙම දැඩි සත්කාර ඒකක කායික වෛද්‍ය පිරිමි, කාන්තා සහ ළමා වාට්ටුවල විවෘත කර ඇති අතර ඒ සඳහා වෙනම නිපුණ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය හෙද හා කනිටු කාර්ය මණ්ඩලයක්ද දිවා රාත්‍රී සේවයේ යොදවා ඇති බවද ඔහු පවසයි.
වෛද්‍ය අධිකාරිවරයා, ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිර යාමේ ප්‍රවණතාවක් තිබෙනවා. ඒ අනුව පසුගිය මැයි මාසයේ සිට ඩෙංගු රෝගීන් දහසකට ආසන්න ප්‍රමාණයක් මෙම රෝහලෙන් ප්‍රතිකාර ගෙන සුවය ලබා පිටත්ව ගොස් තිබෙනවා.
අප රෝහ‍ලේ ක්‍රියාත්මක මෙම දැඩි සත්කාර ඒකක මගින් අවශ්‍ය කඩිනම් ප්‍රතිකාර ලබාදීම නිසා ඩෙංගු රෝගයෙන් මියයන රෝගීන් ගණන වාර්තා වුණේ 0.4ක අවම ප්‍රතිශතයකයි.
මෙම දැඩි සත්කාර ඒකකය තුළ  රෝගීන්ට අවශ්‍ය ජලය, ඖෂධ, සේලයින් වැනි දෑ මෙන්ම නව තාක්ෂණික කායික වෛද්‍ය උපකරණ උපයෝගී කෙරෙන ප්‍රතිකාර මගින් රෝගීන් නිරන්තර රැකබලා ගැනීම නිසා එසේ එවැනි රෝගීන් රැසක්ම නිසි සුවය ලබා රෝහලින් පිටත්ව ගොස් ඇති බවද ඔහු පැවැසීය.
දිවයිනේ රෝහල් අතරින් ප්‍රථම වරට ගම්පහ රෝහ‍ලේ පමණක් මෙවැනි දැඩි සත්කාර ඒකක පහක් ක්‍රියාත්මක කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසංගත රෝග අංශයේ මෙහෙයවීමෙන් පසුගියදා පාකිස්තානයේ පාණ්ඩි ප්‍රාන්තයේ වෛද්‍යවරුන් හා හෙද කණ්ඩායමක් ගම්පහ රෝහ‍ලේ මෙම ඩෙංගු දැඩි සත්කාර ඒකකයෙහි් සේවාවන් පිළිබඳව නිරීක්ෂණයකද යෙදී ඇත.

No comments:

Post a Comment