Sunday, January 29, 2012

රාජ්ය් සේවා එක්සත් හෙද සංගමයේ සභාපති බස්නාහිර පළාත් ප්රිධාන සංඝනායක නාරාහේන්පිට ශ්රී අභයාරාම විහාරාධිපති පූජ්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන්ගේ 69 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ සුභාශිංෂණ

පූජ්යම මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ 69වන ජන්ම දිනය නිමිත්තෙන් පිංකම් මාලාවක්


රාජ්ය් සේවා එක්සත් හෙද සංගමයේ සභාපති බස්නාහිර පළාත් ප්රඨධාන සංඝනායක නාරාහේන්පිට ශ්රී අභයාරාම විහාරාධිපති පූජ්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන්ගේ 69 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මහා සංඝරත්නය සියක් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් ඊයේ (26) එම විහාරස්ථානයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද එක්විය. දන් පිළිගැන්වීමේ කටයුතු සඳහා එක් වු ජනාධිපතිතුමා පූජ්යි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් වෙත සුභාශිංෂණ ද එක් කළේය.

අනතුරු ව විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ පත්තිනි දේවාලය විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

කැලණිය විශ්වවිද්යානලයේ කුලපති විද්යා ලංකාර පරිවේනාධිපති පූජ්ය් වැලමිටියාවේ කුසලධම්ම හිමියන් එහි දී විශේෂ අනුශාසනාව සිදු කළහ.

දෙවනවර ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්ර හණයක් ලබා ඊයේ දිනට දෙවසරක් පිරීම නිමිත්තෙන් මහා සංඝරත්නය එහි දී ජනාධිපතිතුමා වෙත සෙත් පිරිත් සජ්ඣායනා කොට ආශීර්වාදය පළ කළහ.

සංඝගත දක්ෂිණාව සඳහා දිවයිනේ සෑම පළාතකින් ම වැඩ ම කළ නායක ස්වාමීන්වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය ද, අමාත්යිවරුන් වන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, පාඨලී චම්පික රණවක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහත්වරුන් ද එක් වූහ.

sinhala.news.lk

No comments:

Post a Comment