Friday, January 20, 2012

"බීටීඅයි බෙදනවාට" බලධාරීන් අකමැතිලු!

නෝමන් පලිහවඩන

ඩෙංගු මදුරු උවදුරු මැඬලීම සඳහා ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබූ බීටීඅයි බැක්‌ටීරියාව ජනතාව අතරට ගෙනයැම වැළැක්‌වීමේ උත්සාහයක්‌ ක්‍රියාත්මක වෙමින් පවතින බව එම බීටීඅයි බැක්‌ටිරියාව ප්‍රයෝජනයට ගනු ලැබූ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෝ කීපදෙනෙකුම "දිවයින"ට ප්‍රකාශ කළහ.

මෙම බීටීඅයි බැක්‌ටීරියාවෙන් සාර්ථක ප්‍රතිඵල තිබූ අතර ඒවා බෙදා හැරීමට අදාළ බලධාරින්ගේ අනුමැතිය මෙතෙක්‌ ලැබී නැති බවට ඔවුහු චෝදනා නගති.

මෙම බීටීඅයි බැක්‌ටීරියාව දැනට මාස දෙක තුනකට පමණ උඩදී දෙහිවල ප්‍රදේශයේ ජනප්‍රිය වී තිබිණි.

බස්‌නාහිර පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ නිර්දේශය මත මෙම බීටීඅයි බැක්‌ටීරියාව බෙදාහැර තිබිණි.

පෞද්ගලික ආයතනවලට පවා බීටීඅයි බැක්‌ටීරියාව ගෙන්වීමට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා අනුමැතිය දී තිබේ.

Divaina 2012.01.21

No comments:

Post a Comment