Saturday, January 7, 2012

රෝහල් බත්පතෙනුත් යහමින් ගසාකාලා! - සෞඛ්‍ය ඇමැතිගේ අතටම අසුවෙයි

අජිත් අලහකෝන්
දිවයින පුරා රෝහල් බොහෝමයක නේවාසික රෝගීන්ට ලබා දෙන ආහාර වේලෙන් අදාළ කොන්ත්රාත්කරුවන් ගසා කන තත්ත්වයක්උද්ගතව ඇතැයි සෞඛ් බලධාරීහු පවසති.
රෝහල්වල නේවාසික රෝගීන්ට ගුණාත්මක ආහාර වේලක්ලබාදීම සඳහා සෞඛ් අමාත්යාංශය විසින් වසරකට රුපියල් කෝටි සීයක මුදලක්වැය කරයි.
එහෙත් පසුගිය දිනවල සෞඛ් ඇමැති මෛත්රීපාල සිරිසේන මහතා පෙර දැනුම් දීමකින් තොරව රෝහල් කිහිපයකම මුලුතැන්ගේ පරීක්ෂා කර ඇති අතර එහිදී රෝගීන්ට ලබා දෙන ආහාර සකසන ආකාරය පිළිබඳව නිරීක්ෂණය කර තිබේ.
රෝහල්වලට ආහාර සපයන්නේ පෞද්ගලික කොන්ත්රාත්කරුවන් විසිනි. ආහාර වේල සැපයිය යුතු වේලාව, එම ආහාර වර්ගවල ප්රමිතිය හා ප්රමාණය ආදිය පිළිබඳව සෑම කොන්ත්රාත්කරුවකුටම උපදෙස්මාලාවක් සෞඛ් අමාත්යාංශය විසින් නිකුත් කර තිබියදීත් අනුව කොන්ත්රාත්කරුවන් කටයුතු නොකරන බව ඇමැතිවරයා සියෑසින් දැක ඇත.
මෙලෙස රෝගීන්ගේ ආහාර වේලෙන් ගසා කන කොන්ත්රාත්කරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙසට සෞඛ් අමාත්යාංශයේ වැඩබලන ලේකම් වෛද් පාලිත මහීපාල මහතාට ඇමැතිවරයා උපදෙස් දී ඇත.
සෑම රෝහලකම අධ්යක්ෂවරයා හෝ නියෝජ් අධ්යක්ෂවරයා දිනකට වරක්සිය රෝහලේ මුළුතැන්ගෙය පෙර දැනුම්දීමකින් තොරව පරීක්ෂා කළ යුතු නමුත් එය නිසි ලෙස ඉටු නොවන බවද ආහාර නිරීක්ෂිකාවන් ලෙස පත්කර ඇති රෝහල් නිලධාරීනියන්ද සිය කාර්යභාරය නිසි ලෙස ඉටු නොකරන බවද ඇමැතිවරයා විසින් නිරීක්ෂණය කළ බව අමාත්යාංශ නිලධාරියකු "දිවයින" කීය.
අමාත්යාංශයේ උපදෙස්මාලාවට අනුව කටයුතු නොකරන රෝහල් ආහාර කොන්ත්රාත්කරුවන්ගේ කොන්ත්රාත් වහා අවලංගු කර ඔවුන් අසාදු ලේඛනගත කරන ලෙසද ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස්දී ඇත.
Divaina 2012.01.08

No comments:

Post a Comment