Thursday, January 12, 2012

වචන හුවමාරුවක්‌ දිග් ගැසී ජාතික රෝහලේ වෛද්යෙවරු දෙදෙනෙක්‌ ගුටි ඇන ගනිති

ඒමන්ති මාරඹේ
කොළඹ ජාතික රෝහලේ ශ්‍රේණිගත වෛද්‍යවරුන් විසින් ඊයේ (12 දා) දහවල් කැඳවා තිබූ හදිසි රැස්‌වීම සම්බන්ධයෙන් එම රෝහලේ වෛද්‍යවරුන් දෙපිරිසක්‌ අතර ඊයේ උදැසන හටගත් වචන හුවමාරුවක්‌ දුරදිග යැමෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයකු විසින් එම සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන වෛද්‍යවරයකුට පහර දී ඇතැයි ජාතික රෝහල් ආරංචි මාර්ග පැවැසීය.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ශ්‍රේණිගත වෛද්‍යවරුන් නොසලකා හැරීමේ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන බවත්, ඇතැම් නිලධාරින් සංගමයේ සාමාජිකත්වයේ ඉල්ලීම් ඉටු කිරීමට උත්සාහ නොදරන බවටත් වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියාට පහරදුන් විධායක කමිටු සාමාජිකයා මෙහිදී චෝදනා මුඛයෙන් පවසා ඇති අතර එයට පිළිතුරු වශයෙන් සංගමයේ අභ්‍යන්තර ප්‍රශ්න මාධ්‍යයන්ට ප්‍රකාශ කරන බවට එම නිලධාරියා විධායක කමිටු සාමාජිකයාට දොaෂාරෝපණය කිරීමත් සමගම මෙම පහරදීම සිදු කර තිබේ.
ජාතික රෝහල් වෛද්‍ය නේවාසිකාගාර ශාලාවේ දී මෙම පහරදීම සිදුවන අවස්‌ථාවේ එහි සිටි ජාතික රෝහලේ වෛද්‍යවරුන් පිරිසක්‌ද ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියාට පහර දුන් වෛද්‍යවරයාට සහයෝගය දක්‌වමින් කථා කර ඇතැයි වාර්තා වේ.
divaina 2012.01.13

No comments:

Post a Comment