Thursday, January 12, 2012

මාලබේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳ වාර්තාව ලබන සතියේ

2012 ජනවාරි 11 වෙනි බදාදා, 09:40

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමට පත් කළ පංච පුද්ගල කමිටුවේ වාර්තාව ලබන සතිය තුළ නිකුත් කරන බව සෞඛ්‍ය ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරූ සඳහන් කරයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ 10 වැනි දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් සමග පැවති විශේෂ සාකච්ඡාවක දී ය.

මෙම කමිටු වාර්තාව ඉදිරි සතිය තුළ නිකුත් නොකළහොත් විධායක කමිටුව රැස් කර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණයකට එළඹෙන බව වෛද්‍ය ගුණසේකර සඳහන් කරයි.




No comments:

Post a Comment