Wednesday, January 11, 2012

හෙද හෙදියන්ට විදේශ රටවලින් විශාල ඉල්ලුමක්‌- විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ සභාපති කියයි

සෞදියේ පිහිටි ඇමරිකානු සමාගම්වල රැකියා ශ්රී ලාංකිකයන්ට ලබාදීමට අවශ් පියවර ගන්නවා
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කියයි
ශිරාන් රණසිංහ
සෞදි අරාබියාවේ පිහිටි ඇමරිකානු සමාගම්වල පවතින රැකියා පුරප්පාඩු ශ්රී ලාංකිකයන්ට ලබාදීම සඳහා අවශ් කඩිනම් පියවර ගන්නා බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර මහතා "දිවයින" පැවැසීය.
මේ වනවිට ලෝකයේ රටවල් රැසකම පුහුණු ශ්රමිකයන් සඳහා විශාල ලෙස රැකියා පුරප්පාඩු ඇති බවත් එම රැකියා මෙරට තරුණ තරුණියන්ට ලබාදීම සඳහා කෙටිකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙළක්සකසන බව සභාපතිවරයා කීවේය.
විශේෂයෙන් හෙද හෙදියන්ට විදේශ රටවලින් විශාල ඉල්ලුමක්ඇති අතර දැනටමත් නාවල විවෘත විශ්වවිද්යාලය හරහා හෙද උපාධි ලබාදීමේ වැඩසටහන් ක්රියාත්මකවීම ඉතා අගනා බව සභාපතිවරයා පැවැසීය.
කර්මාන්ත, කෘෂිකර්මාන්ත, ධීවර කර්මාන්ත ඇතුළු විවිධ ක්ෂේත්රවල පවතින රැකියා අවස්ථා මෙරටට ලබා ගැනීම සඳහා පුළුල් වැඩසටහනක්ක්රියාත්මක කරන බව සභාපතිවරයා කීවේය.
අමල් සේනාලංකාධිකාර මහතා ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දහතුන්වැනි සභාපතිවරයා ලෙස පත්වීම ලැබූ අතර විදේශ රැකියා ක්ෂේත්රය වෙනුවෙන් විශාල වැඩකොටසක්ඉටුකිරීම අරමුණ බව සභාපතිවරයා තවදුරටත් කියා සිටියේය.

Divaina 2012.01.11

No comments:

Post a Comment