Sunday, January 15, 2012

පවුලක්‌ ගොඩගන්න සිටි ඉඳුනිල් මියගියේ රෝහලේ වරදින්ද?

මී උණෙන් ඇතිමලේ තරුණයෙක්‌ මිය යැම
පවුලක්‌ ගොඩගන්න සිටි ඉඳුනිල් මියගියේ රෝහලේ වරදින්ද?

ජනතාව උද්ඝෝෂණයක



සටහන සහ ඡායාරූප - ලාහුගල ඒ. එස්‌. ඩී. සේකර- මඩුල්ල කේ. එම්. පී. බණ්‌ඩාර

ඇතිමලේ ශ්රීාපාලි මහ විදුහලේ 13 වසරේ ඉගෙනුම ලැබූ වඩුගේ ඉඳුනිල් රසාංග (19) තරුණයා පසුගිය 25 වැනිදා උණ රෝගය වැළඳී ඇතිමලේ රෝහලින් ප්රනතිකාර ගත්තත් එහි අඩුවක්‌ නොවිණ. ඒ නිසාම ඔහු ඊට දින දෙකකට පසු ඇතිමලේ රෝහලට ඇතුළත් වුණේ යළිත් කෙසේ හෝ දෙපයින් නැගිට තම අසරණ අම්මාත් අක්‌කාත්, මල්ලීත් බලා ගන්නා අදිටනිනි.

ඒත්... දෛවයක තරම ඉඳුනිල්ට ගෙදර එන්න වුණේ නිසොල්මන් වැතිරී පෙට්‌ටියකිනි.

"මේ ඉන්නේ මගේ නංගිගේ පුතා. එයා අපිට නැතිවුණේ ඇතිමෙල් රෝහලේ එදිනට සිටි වෛද්යේවරයා නිසි ප්රතතිකාර නොකළ නිසයි. පුතා වාට්‌ටුවට ඇතුල් කළ වෛද්යණවරයා නිවාඩු ගිහිල්ලා. එදා රාත්රිි පුතාට බඩේ අමාරුවක්‌ හැදිලා. මේක කීවාට පස්‌සේ වෛද්ය වරයා සේලයින් දෙන්න කියලා බලලාවත් නැහැ. පුතා අපට විස්‌තරේ කීවා. එතැන සිටි තවත් ලෙඩ්ඩු දෙන්නෙක්‌ මොනරාගල රෝහලට යවලා. ඊට පස්‌සේ පුතා ඇතුල්කරපු දොස්‌තර මහත්තයා ආවට පස්‌සේ අපි බලෙන්ම මොනරාගලට අරගන ගියා. ඒත් පුතාගේ ජීවිතය අපට බේරාගන්න බැරිවුණා යෑයි ඔහුගේ මාමා කෙනෙකු වන ඩබ්ලිව්. එම්. ගුණපාල (54) මහතා අප සමඟ පැවැසීය.

කුඩා ඉඳුනිල්ට වයස අවුරුදු 04 ක්‌ වනවිට ඔහුගේ පියා ඔහු හා පවුලේ සියලු දෙනා තනිකර 1996 සැප්තැම්බර් මාසයේ මොලොවින් සමුගත්තේය. ඒ පොලිස්‌ නිලධාරියකුව සිටියදී සිදුවූ රිය අනතුරකිනි.

එදා සිට අද දක්‌වාම, ඉඳුනිල්ගේ අම්මා වන ඩබ්ලිව්. එම්. කුසුමාවතී, ඔවුන් ජීවත් කරවන්නට අනන්ත දුක්‌ වින්දාය. කුලී වැඩකර හෝ දරුවන්ට ඉගැන්වූවාය.

ඇතිමලේ ශ්රී්පාලි විදුහලේ ඉගෙනුම ලැබූ ඉඳුනිල් සියල්ල කියූ සැනින් ඉටුකරන ශිෂ්යධයකු විය. තාත්තා නැති පවුලේ අම්මාත් අක්‌කා හා මල්ලීත් සමඟ ජීවිත ඔරුව පදින්නට ඔහු මවට උරදුන්නේය. පාසලේ කටයුතුවලදී කැපී පෙනෙන චරිතයක්‌වූ එහු මෙවර අ. පො. ස. සා. පෙළ විභාගයෙන් සමත්වූයේ කලා අංශයෙන් සාමාර්ථ 03 ක්‌ ලබා ගනිමිනි.

කෙසේ වුවද ඔහුඑ ඒවායේ ආශිර්වාද ලබන්නට බැරිවිය. මී උණ රෝගය වැළඳී ඇතිමලේ රෝහලට ගෙන ගිය ඉඳුනිල්ට කාගෙන්වත් පිහිටක්‌ ලැබී නැතිද? යන්න ප්රමශ්නයකි.

මෙහිදී අදහස්‌ දැක්‌වූ නම සඳහන් කිරිමට අකමැති අයකු පැවැසුවේ "මොණරාගලට තව පැය 06 කට කලින් එන්න තිබුණා නම් රෝගන්ගේ ජීවිතය බේරා ගන්න තිබුණු බවයි.

කාගේ හෝ වරදින් දැන් ඉඉනිල් රසාංග (19) අප අතර නැත. මරණය භූමදානය කරන්න මොහොතකට පෙර ප්රදදේශයේ ජනතාව ඇතිමලේ රොහල අසලට පැමිණ ටයර් පුළුස්‌සා උද්ඝෝෂණය කළහ. වෛද්යේවරයා ඉවත් කරන ලෙස හා මින් මතුවට මෙවැනි සිද්ධීන් නොකරන ලෙසද බලකරමින් පෙළපාලියක්‌ ගියහ. රෝහල ඉදිරිපස සිට සාමකාමී උද්ඝෝෂනයක්‌ කළහ.

ඒත් ඉඳුනිල්ට රසාංගට පණ එන්නේ නැත. වෛද්යනවරුන්ගේ නිසි ප්රමතිකාර නොලබා මිය ගියේ නම් එයද වැරැදිය.

අම්මට ආදරණීය පුතෙක්‌ද, අක්‌කට මල්ලි කෙනෙක්‌ද. මල්ලීට අයියා කෙනෙක්‌ද නැතිවිය. මේ සියල්ල පොත්පත්වටල සීමාවෙන අතර ඉටුවන සාධාරණයක්‌ද නැත. ඒත් ඔහුගේ ඥාතීහු සාධාරණයක්‌ ඉටුවනතුරු බලා සිටිති.

divaina 2012.01.16

No comments:

Post a Comment