Tuesday, January 17, 2012

වෛද්‍ය සභාවට අමතර සාමාජිකයන් පත්කරලා - රජයේ වෛද්‍ය නිලධාරි සංගමය

ඒමන්ති මාරඹේ
සෞඛ් ඇමැති මෛත්රිපාල සිරිසේන මහතා විසින් තම බලය අනිසි ලෙස යොදා ගනිමින් ශ්රී ලංකා වෛද් සභාවට අමතර සාමාජිකයන් දෙදෙනකු පත්කිරීමට විරෝධය පාමින් දැඩි වෘත්තීය සමිති ක්රියාමාර්ගයක්දියත් කිරීමට තම සංගමය තීරණය කර ඇතැයි රජයේ වෛද් නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද් අනුරුද්ධ පාදෙනිය මහතා පැවසීය.
මෙම වෘත්තීය සමිති ක්රියාමාර්ගය පිළිබඳව තීරණය කිරීම සඳහා එම සංගමයේ විධායක කමිටුව හෙට

(19
වැනිදා) රැස්වන බවද පාදෙනිය මහතා කීවේය.
ශ්රී ලංකා වෛද් සභා ඉතිහාසයේ ප්රථමවරට එම සභාවේ නිශ්චිත සාමාජික සංඛ්යාව වන සාමාජිකයන් විසිපස්දෙනා (25) පත්කර තිබියදී සෞඛ් ඇමැතිවරයා විසින් අමතර සාමාජිකයන් දෙදෙනකු පත්කර ඇතැයි කී වෛද් පාදෙනිය මහතා එම සාමාජිකයන් දෙදෙනාගෙන් එක්අයකු වසර කිහිපයකට පෙර පිළියන්දල ප්රදේශයේ පෞද්ගලික වෛද් විද්යාලයක්ආරම්භ කිරීමට කටයුතු කළ අයකු වීම නිසා මෙම පත්කිරීම පෞද්ගලික වෛද් විද්යාල බිහිකිරීමේ සංකල්පයට සහාය ලබාගැනීම සඳහා සිදුකරාද යන්න සැක පහළ වී ඇතැයි සඳහන් කළේය.
ශ්රී ලංකා වෛද් සභාවේ සාමාජිකයන් විසිපස්දෙනාගෙන් සෞඛ් ඇමැතිවරයාට පත්කිරීමට බලතල ඇත්තේ සාමාජිකයන් හතරදෙනකු වුවද නව පත්වීම් දෙකත් සමගම ඔහු සාමාජිකයන් හයදෙනකු පත්කර ඇතැයිද හෙතෙම කීය.
රජයේ වෛද් නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේ දී ඊයේ

(17
වැනිදා) පැවැති සාකච්ඡාවක්අමතමින් වෛද් පාදෙනිය මේ බව සඳහන් කළේය.

Divaina 2012.01.18

No comments:

Post a Comment