Thursday, January 12, 2012

ජාතික ඖෂධ ප්ර තිපත්තිය ලබන මාසයේ මැතිසබයට

- ඒමන්ති මාරඹේ
වසර ගණනාවක්‌ මුළුල්ලේ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වෙමින් පවතින ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ලබන මස (පෙබරවාරි) අග භාගයේදී අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා (11 වැනිදා) පැවසීය. නීති කෙටුම්පත් දෙපාර්තමේනතුව සමග සාකච්ඡා කර ඖෂධ ප්‍රතිපත්තිය ලබන මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුත කරන බව ඇමැතිවරයා කීවේය.
ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වූ පසු බෙහෙත් හිඟය ඇතුළු බෙහෙත් සම්බන්ධව පවතින බොහෝ ගැටලුවලට විසඳුම් ලැබෙනු ඇතැයි කී සෞඛ්‍ය ඇමැතිවරයා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ බෙහෙත් වර්ග මිලදී ගැනීමේ හා සැපයීමේදී අනුගමනය කරනු ලබන ටෙන්ඩර් ක්‍රියාදාමයෙහි අඩුපාඩු පවතින බව පිළිගත්තේය.
කෝප් වාර්තාව හරහා පසුගිය වසරේදී පාඩු ලබන ආයතනයක්‌ වශයෙන් නම් කර තිබූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාව පසුගිය වසරේදී (2011) සියයට 30 ක වැඩි ලාභයක්‌ උපයා ඇතැයි කී සෞඛ්‍ය ඇමැතිවරයා එම ලාභය මෙම වසරේදී සියයට 40 ක්‌ දක්‌වා වැඩි කර ගැනීමට අපේක්‍ෂා කරන බව කීවේය.
ගත වූ වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළ වැඩසටහන් හා මෙම වසර තුළදී ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිත වැඩසටහන් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ඊයේ (11 දා) පවුල් සෞඛ්‍ය කාර්යංශ ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ අමතමින් ඇමැතිවරයා මෙම කරුණු අනාවරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ සෞඛ්‍ය ඇමැතිවරයා රජයේ රෝහල්වල ඇති වන බෙහෙත් හිඟයන්ට පිළියම් වශයෙන් දේශීය වශයෙන් බෙහෙත් නිෂ්පාදනය කිරීම රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්‌ථාව හරහා වැඩි කිරීමට කටයුතු යොදා ඇතැයි සඳහන් කළේය.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතාද කථා කළේය.
divaina 2012.01.13

No comments:

Post a Comment