Monday, January 9, 2012

රාජ්‍ය සේවා කොමිසමේ බලතල ලේකම්වරුන්ට – කැබිනට් තීරණයට රාජ්‍ය සේවක විරෝධය

රාජ් සේවා කොමිෂන් සභාව සතු රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් වූ පත්කිරීමේ, උසස් කිරීමේ, ස්ථානමාරුකිරීමේ, විනය පාලනය කිරීමේ හා සේවයෙන් පහකිරීමේ බලය කැබිනට් මණ්ඩල තීන්දුවක් අනුව අමාත්යාංශ ලේකම්වරුන්ට පවරාදීම සුළු වශයෙන් හෝ ඉතුරුවී තිබුණු රාජ් සේවයේ ස්වාධීනත්වය අහෝසිකිරීමක් බව රාජ් සේවා වෘත්තීය සංගම් චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් රාවය කළ විමසුමකදී රජයේ වෛද් නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද් චන්දන එපිටකඩුව රකාශ කළේ රාජ් සේවයේ ස්වාධීනත්වය කුමන පක්ෂයක් හෝ ආණ්ඩුවක් බලයේ සිටියද තමන් අගය කරන බවත් නව බලය පැවරීමේ ගැසට් පතරය අනුව එම ස්වාධිනත්වය ගැටලූ සහගත තත්ත්වයකට පත්කර ඇති බවත්ය. මෙම ගැසට් පතරය පිළිබඳව සිය විධායක කමිටුව දෙසැම්බර් 08 දින සාකච්ඡා කළ බවත් එය වැඩිදුරටත් සාකච්ඡුා කිරීම සඳහා ශාඛා කාර්යාලවලට යොමුකළ බවත් මෙම මස අවසන් සතියට පෙර ඉරිදා පැවැත්වෙන සංගමයේ මධ්යම කාරක සභා රැස්වීමේදී සම්බන්ධයෙන් සාකච්ඡුා කර ඉදිරි රියාමාර්ග තීරණය කරන බවත්ය.
මෙම ගැසට් නිවේදනය පිළිබඳව අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් රකාශ කරන්නේ දහඅටවන සංශෝධනය යටතේ රාජ්යසේවා කොමිසමේ ස්වාධීනත්වය උදුරාගනු ලැබූවද එහි යම්හෝ ස්වාධිනත්වයක් තිබූ බවත් මෙම ගැසට් නිවේදනය හරහා එයද අහෝසිකර ඇති බවයි. මෙම ගැසට් නිවේදනයෙන් වැඩිම බලපෑමක් එල්ල වන්නේ අධ්යාපන ක්ෂේතරයට බවත් අමාත්යාංශ ලේකම්වරයා සිදුකරන්නේ අමාත්යවරයාගේ වුවමනාවන් බවත් එවැනි වුවමනාවන් ඉටුකිරීම සඳහා පසුගිය කාලයේ රාජ් සේවා කොමිසම ඉඩ නොදුන් බවත් දූෂිත පත්වීම් විශාල වශයෙන්ම ඇත්තේ අධ්යාපන පද්ධතිය තුළ බවත්, අලූත් තත්ත්වක් මත රාජ් සේවයේ ස්වාධීනත්වය අහෝසිවී ගැත්තන් පිරිසක් ඉතිරිවන බවත්ය. මේ තත්ත්වය පරාජය කිරීම සඳහා ඉදිරියේදී රාජ් අංශයේ වෘත්තීය සමිති කැඳවා උපරිම රියාමාර්ග ගන්නා බවද ස්ටාලින් මහතා පැවසුවේය.
රාජ් සේවා කොමිෂන් සභාවට හිමි ඉහත සඳහන් බලතල අමාත්යාංශ ලේකම්වරුන්ට ඔවුන් විසින් බලය පවරන පුද්ගලයන්ට හා දෙපාර්තමේන්තු රධානීන්ට ලබාදීමේ ගැසට් පතරය මුද්රණයෙන් නිකුත් වූයේ දෙසැම්බර් 06 වැනිදා වන අතර අංක 1733/52 දරණ එම ගැසට් පතරයේ දිනය වශයෙන් සඳහන් වන්නේ 2011 නොවැම්බර් 25 වැනිදාය.
ගැසට් පතරයේ සඳහන් කරන්නේ 2011.11.16 දින පැවති කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව රාජ් සේවා කොමිෂන් සභාව සතු අදාළ බලතල අමාත්යාංශ ලේකම්වරුන්ට හා අනෙකුත් පුද්ගලයන්ට පවරන බවය.
http://ravayanews.wordpress.com/2011/12/16/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b7%8f-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8%e0%b7%92%e0%b7%83%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ad%e0%b6%bd/

No comments:

Post a Comment