Tuesday, January 17, 2012

හෙද ගැටලුවලට විසඳුම් නැත්නම් වැඩ වර්ජනයක්

lakbima.lk 2012 ජනවාරි 17 වෙනි අඟහරුවාදා, 03:13
ශ්රියාණි විජේසිංහ
වැදුම්: 155

හෙද ගැටලුවලට සාධාරණ විසඳුමක් ලබා නොදුනහොත් මෙවර ආරම්භ කරන වැඩ වර්ජනය ජේ.ආර්. ජයවර්ධන යුගයේ ආරම්භ කළ හෙද වර්ජනයට දෙවන නොවන බව රාජ් සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකරමින් දැනුම්දී ඇත.
හෙද සේවාවට බලපාන ගැටලු විසඳා දෙන ලෙස සෞඛ් බලධාරීන්ට වසර ගණනාවක සිට කීවද ඒවා ඉටුකරදීමට ඔවුහු කටයුතු කර නොමැති බවද ආනන්ද හිමියෝ සඳහන් කළහ.
සෞඛ් ඇමැති මෛත්රීපාල සිරිසේන මහතා ලබා දෙන නියෝගයන් පවා ක්රියාත්මක කිරීමට සෞඛ් බලධාරීහු කටයුතු නොකරන බවද සංගමය චෝදනා කර සිටී.
හෙද ගැටලුවලට ජනවාරි 15 වන දිනට පෙර විසඳුම් ලබා නොදුන් බැවින් එළඹෙන දිනයකදී දැනුම් දීමකින් තොරව දීප ව්යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බවද සංගමය අනතුරු අඟවා සිටිති.

No comments:

Post a Comment