Saturday, January 7, 2012

2015 දී චීන හෙදියන්ගේ සංඛ්‍යාව ඉහළට



චීනය වසර 2015 වන විට එරට හෙදියන්ගේ සංඛ්‍යාව මිලියන 2.86 ක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව එරට ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව එරට රෝගීන් 1,000 කට හෙදියන් 2.07 ක් වන බව චීන සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කරන බ්ලුප්‍රින්ට් සඟරාව හෙළි කරයි.

ඉදිරි පස් වසර තුළ දී හෙද ක්ෂේත්‍රයේ සංවර්ධන සැලසුම් අනුව රාජ්‍ය සේවයේ හෙද කළමනාකරණය තවදුරටත් ප්‍රමිතිකරණය කරන බවත් සෞඛ්‍ය ප්‍රතිපත්ති තවත් ගැඹුරින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් වාර්තා වේ.

වසර 2010  දී එරට ලියාපදිංචි වී ඇති හෙදියන්ගේ සංඛ්‍යාව මිලියන 2.05 ක් බවත් එය 2005 වසරේ සිට 52% ක වර්ධනයක් බවත් බ්ලුප්‍රින්ට් හෙළි කරයි.

http://www.asianmirror.lk/index.php/world-news/7185-2015-----

No comments:

Post a Comment