Tuesday, January 10, 2012

කෑගලු රෝහ‍ලේ අපද්‍රව්‍ය පිළිස්සුම් අබලන් ඒකකයෙන් ජන පීඩා

ලක්බිම 2012 ජනවාරි 10 වෙනි අඟහරුවාදා, 15:07  බන්දුල ධර්මතිලක - කෑගල්ල


කෑගල්ල රෝහල් අපද්රව් පිළිස්සුම් ඒකකය අබලන් වීමෙන් එහි පිළිස්සෙන ද්රව්යවල දුමාරය හාත්පස පැතිරෙන බවත් එය අවට පදිංචි කරුවන්ගේ සෞඛ්යයට බලවත් තර්ජනයක් බවත් ප්රදේශවාසීහු පෙන්වා දෙති.
මෙම අපද්රව් පිළිස්සුම් ඒකකය ඉතා අවිධිමත්ව ලෙස රෝහල් භූමියේ උස් ස්ථානයක ඉදිකර ඇත. එය කාලයක් තිස්සේ නිසි නඩත්තුවක් නොවීමෙන් මෙහි චිමිනිය හා වහල විනාශ වී ගොස් තිබේ.

‍පොලිතීන්, ප්ලාස්ටික්, පුළුන් ගෝස් හා කුඩා වීදුරු කුප්පි පවා මෙහි දමා පුළුස්සාන බව එහි ගිය අපට දැක ගත හැකි විය. ෙදෙනිකව පුළුස්සන ලබන මෙම අපද්රව් වල ප්රමාණය ඉතා කටෝර ගන්ධයකින් යුතුව හාත්පස පැතිර යයි. මෙම භූමිය ආශ්රිතව රෝහල් වෛද් නිල නිවාස, හෙද හෙදි නිල නිවාස සහ රෝහල් කම්කරු නිවාසද පිහිටා ඇත.

ඔවුන් ප්රකාශ කරන්නේ මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඇතත් මතෛක් නිසි ක්රියාමාර්ගයක් ගෙන නොමැති බවත් මෙහි අර්ධ වශයෙන්  පිළිස්සෙන ප්ලාස්ටික්පොලිතීන් වැසිදින වල පහළට ගසාගෙන විත් තැන්තැන්වල රැඳී ඒවායේ මදුරුවන් බෝවීමක්ද දැකිය හැකි බවයි.
මේ සම්බන්ධව විමසීමට රෝහල් අධ්යක්ෂවරයා දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට උත්සහ කළත් ඔහු සම්බන්ධකර ගත නොහැකිවිය.

No comments:

Post a Comment