Thursday, January 12, 2012

ආයුර්වේද වෛද්යර වර්ජනයෙන් රෝගීහු අසරණ වෙති

කදාන විශේෂ
ආයුර්වේද වෛද්‍යවරු ලෙඩ නිවාඩු වාර්තා කර සේවයට වාර්තා නොකිරීම නිසා කදාන ආනියකන්ද ආයුර්වේද රෝහලේ දෛනිකව බෙහෙත් ගැනීමට පැමිණෙන රෝගීහු ඉකුත් 09 වැනිදා දැඩි දුෂ්කරතාවට පත් වූහ.
බෙහෙත් ගැනීමට පැමිණි රෝගීන් 100 ක්‌ පමණ එදින වරින් වර ආපසු හැරී ගෙදර යන ආකාරය අපට දක්‌නට ලැබිණි.
කදාන ආනියකන්ද ආයුර්වේද රෝහලෙන් බෙහෙත් ගැනීමට පැමිණි අසරණ වයෝවෘද්ධ පුද්ගලයෙක්‌ වූ ලන්සියාවත්ත හැඳල පදිංචි හෙන්රි ආරියරත්න (82) මහතා ප්‍රකාශ කළේ "මම වත්තල ඉඳලා ක¹නට ආවේ රත්තවාතයට බෙහෙත් ගන්න, මට හරි අමාරුයි. මේ වගේ වුණාම අසරණ වෙන්නේ අපි වගේ දුප්පත් මිනිස්‌සු, මට ඇවිද ගන්නත් අමාරුයි අවුරුද්දක පමණ කාලයක ඉඳලා මම බෙහෙත් ගන්නේ මේ ආයුර්වේද රෝහලෙන්" බවය.
එදින ක¹න ආනියකන්ද ආයුර්වේද රෝහලේ නේවාසික වාට්‌ටුවට ගිය අපට දැකගන්නට ලැබුණේ (උදැසන 10.30 ට පමණ) පුහුණු වන වෛද්‍යවරියෝ දෙදෙනෙක්‌ පමණක්‌ වන අතර සුළු සේවකයන් තම රාජකාරියේ යෙදී සිටියහ.

2011-2012
අයවැයෙන් විශේෂ වෘත්තිකයන් සඳහා ලබාදුන් දීමනා ඇතුළු ඉල්ලීම් කීපයක්‌ මුල්කරගෙන මෙම වර්ජනය ක්‍රියාත්මක කළ බව රෝහල් ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබිණි.
divaina 2012.01.13

No comments:

Post a Comment