Friday, January 6, 2012

මේ වනවිට තිහකට අධික ප්රාමාණයක්‌ ක්රිදයාත්මක වන නිසා පෞද්ගලික විශ්ව විද්යාිලවලට වෙනම පනත් හදන්න අවශ්යි නැහැ

- ඇමැති එස්‌. බී. දිසානායක
පෞද්ගලික විශ්වවිද්‍යාල වලට වෙනම පනත් හදන්න අවශ්‍ය නැහැ. මේ වන විටත් ඒවා 30 කට අධික ප්‍රමාණයක්‌ ක්‍රියාත්මක වෙනවා. නමුත් කිසියම් පෞද්ගලික ආයතනයක්‌ උපාධි ප්‍රදානය කිරීමේ බලය අපෙන් ඉල්ලුවොත් ඒ පිළිබඳ ඉල්ලීම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කරලා එම ආයතනය උපාධි ප්‍රධානය කිරීමට සුදුසු ලෙස පවතිනවාද කියා විශේෂඥයන්ගේ අධීක්‍ෂණයෙන් පසු එම බලය ලබාදීමට අපට හැකියාව තිබෙනවා යෑයි උසස්‌ අධ්‍යාපන අමාත්‍ය එස්‌. බී. දිසානායක මහතා පැවසීය.
උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති උත්සවයකදී මේ බව සඳහන් කළ ඇමැතිවරයා මෙසේද කීවේය.
අපි නව පනතක්‌ ඉදිරියේදී ගෙනෙන්නට කටයුතු සූදානම් කරලා තිබෙන්නේ. එම පනත ගේන්නේ අද රටේ මාසයෙන් ඩිප්ලෝමා දෙන, මාස තුනෙන් උසස්‌ ඩිප්ලෝමා ප්‍රදානය කරන අවුරුද්දේ උපාධි සහ අවුරුදු දෙකේ පශ්චාද් උපාධි දෙන කිසිදු ප්‍රමිතියක්‌ නැතිව උසස්‌ අධ්‍යාපනය විකුණන ආයතන නියාමයනය කරන්නටයි. ඒ අනුව ප්‍රමිති ආරක්‍ෂණ වරප්‍රධාන හා සුදුසුකම් රාමුව  පිළිබඳ පනතක්‌ ගෙන ඒමට අපි කටයුතු කරනවා.
මේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ රජය ඇතුළේ ඇතැම් පක්‍ෂ විවිධ ප්‍රකාශ කරනවා. ඒ අතර රාජ්‍ය විශ්වවිද්‍යාලවලට නොමිලේ ඇතුළත් කර ගන්නා ප්‍රමාණයට අමතරව මුදල් අයකර වෙනත් සිසුන් ඇතුළත් කර ගැනීම පිළිබඳ යෝජනාවක්‌ තිබෙනවා. නමුත් එවැනි දෙයක්‌ අපට එකවර කරන්න ගියොත් අති විශාල මුදලක්‌ අවශ්‍ය වෙනවා. අඩුම තරමේ බිලියන සියයක්‌වත් එකවර අවශ්‍ය වෙනවා. වර්තමානයේ තිබෙන තත්ත්වයට වඩා අතිශයින් බරපතල ගැටුම් නිර්මාණය වෙන්නට ඒ තුළින් ඉඩ තිබෙනවා. විශේෂයෙන්ම මුදල් ගෙවා ඇතුළු වන සහ නිදහස්‌ අධ්‍යාපනය යටතේ ඇතුළුවන සිසුන් අතර එම ගැටුම ඇතිවීම වැළැක්‌විය නොහැකියි.
අද විශ්ව විද්‍යාල පද්ධතිය බොහෝ විට සාමකාමීයි. රුහුණ විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය තරමක්‌ ගැටලු කිහිපයකට මුහුණදීලා තිබෙන බව ඇත්තයි. ඒ වගේම හෝමාගම බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙත්a තරමක ගැටලු පවතිනවා. මම පසුගියදා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්නට ගියා. ඒ අවස්‌ථාවේ රුවන්වැලි සෑයට ගියා. ඒකේ ලොකු හාමුදුරුවෝ කිව්වේ ඔබතුමා අපේ බුද්ධශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලයේ පොඩි හාමුදුරුවන් පිළිබඳ සැළකිලිමත් වෙලා ඒ අය පිළිබඳ කටයුතු කිරීම පිළිබඳ ඉතාම සතුටු වෙනවා. දැන් සිල් ගන්න එන සිල් ඇත්තන් ගෙන් අපට පැමිණිලි එන්නේ නැහැ කියලා.
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අර්බුද ඇති කරන ජනතා විමුක්‌ති පෙරමුණේ ඇතැම් ක්‍රියාකාරීන්ව අද ජනතා විමුක්‌ති පෙරමුණෙන් ඉවත් කරනවා. එහි අලුත් පිලේ අය සිසුන් ඉත්තන් විධියට යොදා ගන්නවා. පසුගිය කාලයේ පේරාදෙණියේ ගැටලු උද්ඝෝෂණ ඇති කරන්නට නායකත්වය දුන් දිමුතු අබේකෝන් ශිෂ්‍යයාව පක්‍ෂයෙන් අස්‌ කරලා. මේක තමයි තත්ත්වය.
අපට පසුගිය වසරේ ලැබුණු මුදලට වඩා වැඩි මුදලක්‌ මෙවර අයවැයෙන් ලැබිලා තියෙනවා. මේ මුදල්වලින් සියයට 100 ක්‌ම විශ්වවිද්‍යාල කටයුතු සංවර්ධනය සඳහා යොදා ගන්නට කටයුතු කළ යුතුයි. අපට සාම්ප්‍රදායික නීති මගින් සහ වෙනත් ක්‍රම ඔස්‌සේ බාධා පැමිණිය හැකියි. නමුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අපි එකට හිටියොත් අපිට මේ බාධක ජයගන්නට කිසිදු ගැටලුවක්‌ වෙන්නේ නැහැ. අපේ රටේ විශ්ව විද්‍යාල සංවර්ධනය සඳහා අප සියලු දෙනාගේම කැපවීම සහ සහයෝගය ලැබිය යුතුයි කියා මා විශ්වාස කරනවා.
උසස්‌ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා - අද උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය රටේ වැදගත්ම අමාත්‍යාංශයක්‌ බවට වැඩිපුරම කතාබහට ලක්‌වන අමාත්‍යාංශයක්‌ බවට පත්වෙලා තිබෙනවා. පංචමහා බලවේගයන් ගෙන් වැදගත්ම අංශය අධ්‍යාපනය සහ උසස්‌ අධ්‍යාපනය බව සත්‍යයයි. කෙසේ වෙතත් මේ සියලු සංකල්පයන් පැමිණෙන්නේ ජනාධිපතිතුමාගේ සාටකයෙන් බව සිහිපත් කළ යුතුයි. අමාත්‍යතුමාගේ කාර්යක්‍ෂමතාව, නිර්මාණශීලිත්වය එකතුවෙලා අද උසස්‌ අධ්‍යාපනය දැවැන්ත ඉදිරි ගමනක්‌ යනවා.
මට මතකයි එදා අමාත්‍යතුමා වැඩ භාර ගනිද්දී මහාචාර්ය බෙල්ලන්විල විමලතරන නායක හාමුදුරුවෝ අමාත්‍යතුමාට සෘජුවම පැවසුවා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතුයි කියලා. ඒ වගේ බොහෝ දෙනෙක්‌ මෙන්ම අධ්‍යාපන විශේෂඥයන් පවා මේ පිළිබඳ අදහස්‌ දැක්‌වූවා. කෙසේ වෙතත් අද රජය ඇතුළේම ඇතැම් පිරිස්‌ ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කරනවා මේ පිළිබඳව. ගැටලුවක්‌ තිබෙනවා නම් ඒක කැබිනට්‌ එක ඇතුළේ හෝ අමාත්‍ය මණ්‌ඩලය ඇතුළේ සාකච්ඡා නොකර ප්‍රසිද්ධියේ විවේචන එල්ල කිරීම එතරම් යහපත් නැහැ.
අමාත්‍ය ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා - ව්‍යවසායකත්ව උපාධිධාරීන් 500 ක්‌ බිහි කිරීම සඳහා විශාල මුදලක්‌ අපි මෙවර වෙන්කර තිබෙනවා. ඒ අනුව උපාධිධාරියා රැකියා ඉල්ලගෙන යන කෙනෙක්‌ නොව රැකියා සපයන කෙනෙන් බවට පත් කරන්නට අපිට හැකියාව ලැබෙනවා. මේ වසරේ සිට විශ්වවිද්‍යාල වලින් එළියට එන කිසිදු උපාධිධරයෙක්‌ රැකියා නොමැති තත්ත්වයට පත්වන්නේ නැහැ. විශේෂයෙන්ම වෘත්තීය උපාධිධාරීන් බිහි කිරීම සඳහා විශ්වවිද්‍යාල 06 ක්‌ සමග විවිධ පාඨමාලා හඳුන්වා දෙමින් කටයුතු කරන්නට අපි කටයුතු කරනවා. මේ වන විටත් ක්‍ෂඵACය්රඑeරුd භමරිසබට වැනි පාඨමාලා ආරම්භ කරන්නට කටයුතු සංවිධානය කරලා තිබෙනවා.
එසේම මේ වසරේ අපට කරන්නට වැඩ රැසක්‌ තිබෙනවා. ඒ අතර ප්‍රධාන වශයෙන් ප්‍රමිති ආරක්‍ෂණ වරප්‍රධන සහ සුදුසුකම් රාමුව පිළිබඳ පනත ගෙන ඒම, නව නිපැයුම් සඳහා උපාධිධරයන් නිර්මාණය කිරීම (ෂබබදඩ්එසඩැ ඨර්dම්එes) විශ්වවිද්‍යාල සියල්ල පරිගණක ගත කිරීම (ඹ්‍යEඵෂී නිර්මාණය කිරීම) රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශයන්ගේ සහයෝගය ඇතිව උසස්‌ අධ්‍යාපනය දියුණු කිරීම, කවිතා වැඩසටහන ක්‍රියාවට නැංවීම, අධ්‍යාපන ක්‍රමවේදය ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයේ සිට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයට මාරු කිරීම, විශ්වවිද්‍යාල 06 ක්‌ අන්තර්ජාතික මට්‌ටමට පත් කිරීම, විදේශ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100 ක්‌ සඳහා මෙරට විශ්ව විද්‍යාල සඳහා ශිෂ්‍යත්ව ලබාදීම හා ඒ අයට අවශ්‍ය පහසුකම් නිර්මාණය කරදීම මෙන්ම සමස්‌ත විශ්වවිද්‍යාල පද්ධතිය ම ඉහළට ගෙන ඒමට අප කටයුතු කිරීම කළ යුතුයි.
මෙහිදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණි සමරනායක මහතාද අදහස්‌ දැක්‌වූ අතර අමාත්‍යාංශයේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීහුද සහභාගි වූහ.

divaina 2011.01.07

No comments:

Post a Comment