Friday, January 13, 2012

වෛද්‍ය සභාවට ඉහළින් පිහිටුවන කිසිම ආයතනයකට එකඟ විය නොහැකියි - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ඒමන්ති මාරඹේ
යෝජිත පෞද්ගලික විශ්වවිද්යාල පනත යටතේ පිහිටුවීමට යන විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවට ඉහළින් පවතින විශේෂ ආයතන පද්ධතිය මගින් වෛද් අධ්යාපනය බිඳ වැටීමේ අවදානමක්පවතින බැවින් එවැන්නකට තම සංගමය දැඩි සේ විරෝධය පළ කර සිටින බව රජයේ වෛද් නිලධාරින්ගේ සංගමය පවසයි.
මෙවැනි ආයතන පද්ධතියක්හරහා ශ්රී ලංකා වෛද් සභාව වැනි වෛද් අධ්යාපනය හා වෛද් සේවාවේ ගුණාත්මක බව ආරක්ෂා කරන ආයතන පවා හෑල්ලුවට ලක්වන බව පෙන්වා දෙන වෛද් නිලධාරීන්ගේ සංගමය ශ්රී ලංකා වෛද් සභාවට ඉහළින් කිසිදු ආයතනයක්පිහිටුවනවාට තම සංගමයට එකඟ විය නොහැකි යෑයි අවධාරණය කරයි.
මෙම මතභේදාත්මක පනත මගින් මෙරට සියලු රජයේ විශ්වවිද්යාල හා විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව අනිසි බලපෑම්වලට ලක්වන බවත්, මේ නිසා මෙම පනතට එරෙහි වූ වෛද් පීඨ සිසුන් ඇතුළු සරසවි සිසුන්ගේ සාමකාමී විරෝධය වඩාත් විවෘත මනසකින් යුතුව විමසීමකට ලක්කළ යුතු අතර එය මර්දනයට ලක්කළ නොයුතු බවද වෛද් නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද් චන්දික එපිටකඩුව මහතා පවසයි.

 Divaina 2012.01.14

No comments:

Post a Comment