Monday, January 30, 2012

හෙද සේවයට නව චක‍්‍ර ලේඛයක්. - සංගම්වලින් විරෝධය.

2012 ජනවාරි 30 සඳුදා- පස්වරු 12:22


වසර 5කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ හෙද හෙදියන් සියළු දෙනා උතුරු හා නැගෙනහිර පළාත්වල රෝහල්වල සේවය කිරීම අනිවාර්ය කර තිබෙනවා. ඊට අදාළ චක‍්‍ර ලේඛය පසුගිය සතියේ නිකුත් කළ බවයි සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රකාශ කළේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල රෝහල්වල පවතින හෙද නිලධාරීන්ගේ හිඟය සැලකිල්ලට ගනිමිනුයි සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත්තේ. මේ අනුව ඉදිරියේදී අලූතින් හෙද සේවාවට එක්වන හෙද හෙදියන් ද උතුරු - නැගෙනහිර පළාත්වල සේවය කිරීම අනිවාර්ය කර තිබෙනවා. කෙසේ වෙතත් වසර 5ක හෙද සේවා කාලය සම්පූර්ණ කර ඇති හෙද හෙදියන් උතුරු - නැගෙනහිර පළාත්වල සේවය සඳහා යෙදවීමට ගත් මෙම තීරණයට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය දැඩි විරෝධය පළ කරනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය.

hiru fm

No comments:

Post a Comment