Tuesday, January 10, 2012

මහරගම රෝහල අවට නිවැසියන්ට විකිරණශීලී තර්ජනයක්‌ නෑ - පරමාණුක බලශක්‌ති අධිකාරිය කියයි

විකිරණශීලී තර්ජනයක්පිළිබඳව මහරගම පිsළිකා රෝහල අවට නිවැසියන් අනියත බියක්ඇතිකරගත යුතු නැතැයි පරමාණුක බලශක්ති අධිකාරිය කියා සිටී.
එම අධිකාරිය විසින් නිකුත් කර ඇති මාධ් නිවේදනයකින් මේ බව කියා සිටින අතර එහි වැඩිදුරටත් මෙසේ දැක්වේ.
මහරගම පිළිකා රෝහලෙන් බැහැර කරනු ලබන අපජලය තුළින් ප්රදේශවාසී ජනතාවට අහිතකර විකිරණශීලී බලපෑම් ඇතිවෙතැයි පසුගිය සති කිහිපය තුළ මාධ් තුළින් හෙළිදරව් කළ අතර පිළිබඳව තමන් විශේෂ පරීක්ෂණයක්සිදු කළ බවත්, අදාළ පරීක්ෂණ වාර්තාවක්මේ වනවිට නිකුත් කර ඇති අතර පිළිකා රෝහලෙන් බැහැර කරනු ලබන අපජලයේ විකිරණශීලී අයඩින් මිශ්රවීමක්හෝ මගින් ප්රදේශවාසීන්ට කිසිදු අහිතකර බලපෑමක්හෝ සිදු නොවන බවට සනාථ වී ඇති බවත් පරමාණුක බලශක්ති අධිකාරිය පවසයි.
පසුගිය වකවානුව තුළ මේ පිළිබඳව දේශපාලනාධිකාරිය මෙන්ම ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, මධ්යම පරිසර අධිකාරිය සහ ජාතික පිළිකා ආයතනය මගින්ද විශේෂ අවධානයක්යොමු කරනු ලැබීය. ඒ අනුව ක්රියාත්මක වූ පරමාණුක බලශක්ති අධිකාරිය, පිළිකා රෝහලෙන් බැහැරවන අපජලයෙහි විකිරණශීලී අයඩින් තිබේදැයි පරීක්ෂණයට ලක්කරනු ලැබීය. එහිදී අනාවරණය වූයේ මෙම අපජලයෙහි විකිරණශීලි අයඩින් ස්වල්ප වශයෙන් පවතින නමුත් නිසි පරිදි නව කාණු පද්ධතියක්මගින් පිටවන මෙම අපජලය ජන ශූන් ප්රදේශයකදී මුදාහැරෙන බැවින් තුළින් ජනතාවගේ සෞඛ්යයට කිසිදු හානිකර තත්ත්වයක්ඇති නොවන බවයි. පිළිකා රෝහලේ ඉදිකර ඇති අප ජලය ප්රමාද ටැංකිවල සිටි අපද්රව් ප්රතිචක්රීකරණ ඒකකය දක්වා සහ එම ඒකකයේ සිට ඇළ මාර්ගය දක්වා අප ජලය ගමන් කිරීමේදී යම් හෙයකින් පරිසරයට අයඩින් කාන්දුවීමක්සිදුවෙතැයි අනුමාන කළ බැවින් සඳහා නව කාණු පද්ධතියක්සකස්කිරීමෙන් එම අවදානමෙන්ද ඉවත්වීමට හැකි වී තිබේ.
අදාළ අංශ සියල්ලෙහිම අවධානය මෙම පිළිකා රෝහලේ විකිරණශීලී අයඩින් පරිසරයට මුදා හැරීම කෙරෙහි යොමු වී පිළිබඳ පරීක්ෂණ සිදුකිරීම තුළින් ජනතාව තුළ මේ සම්බන්ධයෙන් යම් සැකයක්පැවතුනේ නම් එම තත්ත්වය පහකර ගැනීමට හැකි වී තිබේ. වෛද් මතය අනුව විකිරණශීලී අයඩින් ශරීරගතවීම තුළින් වර්ධනය වන්නේ තෛරොයිඩ් ග්රන්ථියේ පිළිකා තත්ත්වයන් නමුත් මෙම ප්රදේශයේ ජනතාවට එවැනි තත්ත්වයක්උද්ගතවී නොමැතිවීම තුළින් පිළිකා රෝහල අවට ජනතාවට 100% ක් තමන් විකිරණශීලී බලපෑමෙන් තොර බව තහවුරු කරගත හැක.

Divaina 2012.01.11

No comments:

Post a Comment