Friday, January 13, 2012

ආණ්‌ඩුව හදන්නේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය කෙරෙහි විශ්වාසය බිඳ දමන්නයි ජවිපෙ මන්ත්‍රී අනුර කුමාර දිසානායක

අජිත් අලහකෝන්
නිදහස්අධ්යාපනය වළ දැමීමේ ආණ්ඩුවේ ක්රියාමාර්ගයට එරෙහිව සරසවි සිසුන් සිය විරෝධතා කේන්ද් කරගත යුතු යෑයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13 දා) ප්රකාශ කළේය.
බත්තරමුල්ල පැලවත්ත පිහිටි ප්රධාන කාර්යාලයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ කීය.
ආණ්ඩුවට ඕනෑ ජාතික විශ්වවිද්යාල පද්ධතිය ක්රමානුකූලව බිඳවට්ටන්නයි. පෞද්ගලික විශ්වවිද්යාල අරඹන්නේ අරමුණින්. ලෝකයේ මුදලාලිලා ආරම්භ කළ විශ්වවිද්යාල අද නැති තරම්. ලෝකය පුරා මුදලට උපාධි දෙන විශ්වවිද්යාල තිබෙනවා. ඒත් ඒවා ආරම්භ කර තිබෙන්නේ ලාභ අපේක්ෂාවෙන් නොවේ. ලාභ අපේක්ෂාවෙන් ඇරඹූ විශ්වවිද්යාල අසාර්ථකයි. පුද්ගලික විශ්වවිද්යාල මතය වැරදි එකක්‌. ඒත් ආණ්ඩුව උත්සාහ කරන්නේ රාජ් විශ්වවිද්යාල පද්ධතිය කෙරෙහි සිසුන්ගේ ඇති මානසිකත්වය ක්රමානුකූලව කඩා දමලා පුද්ගලික විශ්වවිද්යාලවලට දොරටු විවෘත කරන්නයි. සබන් කැටයක්අලෙවි කරනවා නම් රෙදි සෝදන අය සිටිය යුතුයි. ටින් මාළු විකුණනවා නම් ඒවා ආහාරයට ගන්නා අය සිටිය යුතුයි. වගේ උපාධි කඩ අරඹලා උපාධිය ප්රදානය කරනවා නම් එය අවශ් කරන සංචිතයක් උවමනායි. තමයි උසස්පෙළ සමතුන්. ජාතික විශ්වවිද්යාල පද්ධතිය කෙරෙහි විශ්වාසය බිඳවට්ටලා පුද්ගලික විශ්වවිද්යාල සඳහා ලොකු වෙළෙඳපොළක්හදන්න යනවා.

පෞද්ගලික විශ්වවිද්යාල පනත යටතේ එකොළොස්දෙනකුගෙන් යුත් මණ්ඩලයක් හදනවා. ව්qහයට ඇමැති විසින් නවදෙනෙක්පත්කරනවා. එවිට ඇමැතිවරයාට පුළුවන් සෘජුවම මේ මණ්ඩලය මෙහෙයවන්න. මණ්ඩලය මගින් ජාතික විශ්වවිද්යාල පද්ධතියත්, පුද්ගලික විශ්වවිද්යාලත් දෙකම මෙහෙයවනවා. කියන්නේ මේ දෙකෙන්ම ලබාදෙන උපාධිය සමාන්තර මට්ටමකට ගෙන එනවා.
වගේම යම් විශ්වවිද්යාලයක යම් පාඨමාලාවක්වසා දැමිය යුතුද? කවර පාඨමාලාවක්අලුතින් ආරම්භ කළ යුතුද කියා තීරණය කරන්නේත් මේ මණ්ඩලය විසින්. ජාතික විශ්වවිද්යාලයක යම් පාඨමාලාවක්නතර කර එය පුද්ගලික විශ්වවිද්යාලයකට ලබාදීමට මේ අධ්යක් මණ්ඩලයට බලය පැවරෙනවා. නව පාඨමාලා ආරම්භ කරද්දී එහි බලය පුද්ගලික විශ්වවිද්යාලවලට පමණක්ලබාදුන්නොත් නූතන අධ්යාපනය පුද්ගලික අංශයටත්, සම්ප්රදායික අධ්යාපනය ජාතික විශ්වවිද්යාලවලටත් පැවරීම සිදුවෙනවා. ඉන් ජාතික විශ්වවිද්යාල පද්ධතිය වැදගැම්මකට නැති තැනට පත්වෙනවා.
අඩු ආදායම්ලාභී දරුවන්ට ඉදිරියට යැමේ හිනිමග වී තිබෙන්නේ නිදහස් අධ්යාපනයයි. නිදහස්අධ්යාපනය නිසා තමයි හඟුරන්කෙත උපන් එස්‌. බී. දිසානායක පොරමඩුල්ල විද්යාලයෙන් ඉගෙන ගෙන අද උසස්අධ්යාපන ඇමැතිවරයා වුණේ. මැදවච්චියේ ඉපදුනු මහාචාර්ය ගාමිණී සමරනායක අද විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසමේ සභාපතිවරයා වුණේත්, ජම්බුගස්මුල්ලේ උපන් බන්දුල ගුණවර්ධන අධ්යාපන ඇමැතිවරයා වුණේත් නිදහස් අධ්යාපනය නිසා. අද හදන්නේ නිදහස්අධ්යාපනය කප්පාදු කරන්නයි.
මේ පෞද්ගලික විශ්වවිද්යාල පනතට එරෙහි විරෝධතාවත් තිබෙනවා. විශ්වවිද්යාල ආචාර්යවරු දාහත්වැනිදාත්, අනධ්යයන කාර්ය මණ්ඩලය දහනව වැනිදාත් වෘත්තීය ක්රියාමාර්ග ගැනීමට නියමිතයි. සිසුන් සිය විරෝධතා කේන්ද්Êකරගත යුත්තේ නිදහස්අධ්යාපනය වළ දැමීමේ ආණ්ඩුවේ ප්රයත්නයට එරෙහිවයි. හැර උපකුලපතිට එරෙහිව, ශිෂ් උපදේශකවරුන්ට එරෙහිව අරගල පැවැත්වීමේ දෙසට සිසුන් හැරවීමට ආණ්ඩුව උත්සාහ කරනවා. හිතවත් ශිෂ් කණ්ඩායම් යොදාගනිමින් ආණ්ඩුව විවිධ පැතිවලට සිසු උද්ඝෝෂණ හැරවීමේ ආණ්ඩුවේ කුමන්ත්රණවලට හසු වී නිදහස්අධ්යාපනය සුරැකීමේ අරගල කෙරෙහි ඇති අවධානය නැති කර නොගන්නා ලෙස අපි සිසුන්ගෙන් ඉල්ලනවා.
උසස්අධ්යාපන ඇමැතිවරයා කියනවා සරසවි සිසුන් ගස්බැඳීමට සූදානම් කියලා. මෙහෙම කියන්නේ සැබවින්ම ගස්බැඳලා පුන්නක්කු බාල්දියකුත් ළං කළ යුතු අයයි. රටේ උසස්අධ්යාපන ඇමැතිවරයාට ගැලපෙන ප්රකාශ මේ කරන්නේ.
අද ශිෂ් සංවිධානවලට කොටි ලේබල් අලවන්න ආණ්ඩුව සූදානම් වෙනවා. කවර දේශපාලන මතිමතාන්තර තිබුණත්, මතවාද පසෙක තබා ප්රමුඛත්වය ගතයුත්තේ නිදහස් අධ්යාපනය රැකගැනීමටයි.
මෙහිදී මාධ්යවේදීන් ඇසූ ප්රශ්නවලට පිළිතුරු දුන් අනුර කුමාර දිසානායක මහතා මෙසේ කීය.
නන්දිකඩාල් කලපුවේදී අහෝසි වුණේ එල්. ටී. ටී. . සංවිධානයේ සන්නද්ධ ක්රියාවලිය විතරක්නොවේ. ඔවුන්ගේ දේශපාලනයත් විනාශ වුණා. දේශපාලනය විනාශ වූ ව්යාපාරයකට යළි කිසිසේත් නැගී සිටින්න බැහැ. කොටි සංවිධානයේ අවසානයත් සමඟ සන්නද්ධ අංශයත් දේශපාලනයත් විනාශ වුණා. එම නිසා කොටි සංවිධානයට යළි ශ්රී ලංකාව තුළ නැගී සිටින්නට බැහැ. ඒත් උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන ජනතාවගේ උවමනාවන්, අධ්යාපනය, අතුරුදන්වූවන් වගේම එහි දේශපාලනය කිරීමේ අයිතිය ලබාදිය යුතුයි. ඒත් ආණ්ඩුවට එවන් දැක්මක්නැහැ. එවන් තත්ත්වයකදී කොටි සංවිධානය වැනි සංවිධානයකට යළි හිස එසවීමේ තත්ත්වයක්ආණ්ඩුව විසින්ම රට තුළ නිර්මාණය කරමින් සිටිනවා.
අන්තර් විශ්වවිද්යාල බලමණ්ඩලය කවදාවත් ජනතා විමුක්ති පෙරමුණ සමඟ සිටියේ නැහැ. ඒත් එතුළ හැමදාමත් අපේ ක්රියාකාරිකයන් සිටියා. ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ් සංවිධානය තමයි සමාජවාදී ශිෂ් සංගමය. පක්ෂයක්ලෙස ජනතා විමුක්ති පෙරමුණත්, ශිෂ් ව්යාපාරයක්ලෙස සමාජවාදී ශිෂ් සංගමයත් නවකවදය ප්රතික්ෂේප කරනවා. අපි ඊට දායක වෙලාත් නැහැ දායක වන්නේත් නැහැ.
මෙම ප්රවෘත්ති සාකච්ඡාවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්යම කාරක සභිකයන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන වසන්ත සමරසිංහ සහ රාමලිංගම් චන්ද්රසේකර් යන මහත්වරු සහභාගි වූහ.

Divaina 2012.01.14

No comments:

Post a Comment