Friday, January 27, 2012

සෞඛ්ය/ ඇමැති පොරොන්දුව කඩලා තීරණයක්‌ ගන්න වෛද්යරවරු අද රැස්‌වෙති

ඒමන්ති මාරඹේ

ශ්රීත ලංකා වෛද්යා සභාවට සෞඛ්යන ඇමැතිවරයා විසින් පත් කරනු ලැබූ අමතර සාමාජිකයන් දෙදෙනාගේ පත්වීම් පොරොන්දු වූ ප්රනකාරව අවලංගු කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි වෘත්තිය සමිති ක්රිවයාමාර්ගය පිළිබඳව තීරණය කිරීම සඳහා කොළඹ ජාතික රෝහලේ වෛද්යදවරුන්ගේ මහා සභා රැස්‌වීමක්‌ අද (26 දා) දහවල් 12 ට පැවැත්වෙන බව ජාතික රෝහලේ ජ්යෙයෂ්ඨ වෛද්යස නිලධාරිවරයකු "දිවයින"ට පැවසීය.

අදාළ අමතර පත්වීම් දෙක අවලංගු කරන බවට සෞඛ්යඨ ඇමැතිවරයා විසින් පසුගිය 19 වැනිදා (බ්රෙහස්‌පතින්දා) රජයේ වෛද්ය් නිලධාරීන්ගේ සංගමය වෙත ලිත පොරොන්දුවක්‌ ලබාදී ඇතත් සතියක්‌ ගත වූ පසුද එය ඉටුකර නැතැයි එම වෛද්යය නිලධාරිවරයා කීවේය. ඒ අනුව ඉකුත් සිකුරාදා පැවැති ජාතික රෝහලේ වෛද්යකවරුන්ගේ රැස්‌වීමේදී අත්හිටුවීමට තීරණය කළ එම රෝහලේ වෛද්යජවරුන්ගේ වර්ජනය නැවත දියත්වීමට නියමිතව ඇතැයි හෙතෙම සඳහන් කළේය.

අද දහවල් පැවැත්වෙන මහ සභා රැස්‌වීමට වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයන්ද සහභාගි වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ශ්රී ලංකා වෛද්යහ සභාවේ තීරණවලට පටහැනිව වෛද්ය සභාවේ සභාපතිවරයා විසින් ප්රීකාශයක්‌ නිකුත් කිරීම සම්බන්ධයෙන් සිය අවධානය යොමුව ඇතැයි පවසන රජයේ වෛද්ය් නිලධාරීන්ගේ සංගමය සභාපතිවරයා වෛද්ය සභාවේ පොදු තීරණවලට අනුකූලව එම සභාවේ හා වෛද්යධ අධ්යා පනයෙහි ප්ර මිතිය ආරක්ෂාි කිරීමට කටයුතු කළ යුතු බව අවධාරණය කර සිටී.

divaina 2012.01.27

No comments:

Post a Comment