Thursday, January 19, 2012

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් "යන්නේ කොහේද? මල්ලේ පොල්"

ඒමන්ති මාරඹේ

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2012 වසර සඳහා මුද්‍රණය කර රජයේ රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන වෙත බෙදා හැර ඇති දින දර්ශනයෙහි ප්‍රධාන ඡායාරූපය ලෙස දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග රැසකට මුල් වන බ(ර්)ගර් වර්ගයේ කෙටි බනිස්‌ විශේෂයක්‌ අනුභව කරන ළමයකුගේ ඡායාරූපයක්‌ විශාල ප්‍රමාණයෙන් මුද්‍රණය කර තිබීම මගින් එවැනි ආහාර වර්ග ප්‍රවර්ධනය කිරීමක්‌ සිදු වන බවට රෝහල් සේවකයෝ චෝදනා කර සිටිති.

බ(ර්)ගර් වර්ගයේ බනිස්‌ විශේෂයක ඡායාරූපය දින දර්ශනයෙහි ප්‍රධාන ඡායාරූපය වශයෙන් යොදා ගැනීමෙන් එය දකින අයගේ රුචිය ඒ කෙරෙහි වැඩිවීමක්‌ මිස අඩුවීමක්‌ සිදු නොවන බව පෙන්වා දෙන එම සේවකයන් බෝ නොවන රෝග වැඩි වෙමින් පවතින කාලයක මෙවැනි ඡායාරූපයක්‌ අමාත්‍යාංශය තම දින දර්ශනය සඳහා යොදා ගැනීම පිළිබඳව විමතිය පළ කර සිටිති.

මෙම ඡායාරූපය සම්බන්ධව විරෝධය පළ කරමින් ඇතැම් පුද්ගලයන් දැනටමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරීන් කිහිප දෙනකු වෙතම ලිපි යවා ඇති බව වාර්තා වේ. මෙවැනි ඡායාරූපයක්‌ යෙදා ගැනීමට පෙර ඒ සම්බන්ධව පෝෂණ විශේෂඥයන් හා වෛද්‍යවරුන්ගේ අදහස්‌ විමසා බැලීමට තිබූ බවත්, අනෙකුත් රටවල් මෙවැනි ආකාරයේ කෙටි ආහාර වර්ග ප්‍රවර්ධනය කරන ආකාරයේ ඡායාරූප දින දර්ශනවල පල නොකරන බවත් එම ලිපිවල සඳහන් කර තිබේ.

Divaina 2012.01.19

No comments:

Post a Comment