Friday, January 6, 2012

සුනඛ සංහාරයට සියලු කටයුතු සූදානම්!

තුන් මාසයකට සැරයක්‌ මතුවන මේ රටේ වැදගත් ම ප්‍රශ්නය බවට අද පත්වී ඇත්තේ සංවර්ධනය, පාතාල වර්ධනය, වසරකට ලක්‍ෂයක්‌ දෙනා බැගින් සමාජයට අලුතින් එකතු වන ක්‍ෂය රෝගීන් සුවපත් කිරීම යනාදිය නොව සුනඛයන් සංහාරය කිරීම ය. අයාලේ යන සුනඛයන් විසින් සපාකනු ලැබීම නිසා ජලභීතිකා රෝගය පැතිරීමේ වේගය වැඩිවන බවත් අයාලේ යන සුනඛයන් ඝාතනය කිරීම ආණ්‌ඩුව විසින් අත්හිටුවනු ලැබ ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය තුන් මාසයෙන් තුන්මාසයට කියයි. මෙහි තේරුම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නියමයෙන් තහනම් කෙරුණ සුනඛ සංහාරය යළි පටන් ගත යුතු බව ය. මේ රටේ සෞඛ්‍ය ඇමැතිතුමා යහපත් මිනිසෙකි. කුණු වූ වනයක්‌ වැනි සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ජය ගැනීමට එතුමා අප්‍රමාණ උත්සාහයක්‌ දරයි. µdමසිවලට විවිධ නීති රීති යෙදීම, අනුමත බෙහෙත් වට්‌ටෝරු නැතිව µdමසිවලින් ඖෂධ නිකුත් කිරීම තහනම් කිරීම, ඔසුසලේ ශාඛාවලින් බෙහෙත් මිලදී ගැනීමට ජනයා පෙළඹවීම ඇතුළු ප්‍රතිසංස්‌කරණ කටයුතු රාශියක්‌ නිසා එතුමා බෙහෙත් කොම්පැණිකාරයන්ගේ ද්වේෂයට ලක්‌ව ඇත. එවැනි අනතුරක සිටින සෞඛ්‍ය ඇමැතිතුමා පාවිච්චි කරමින් සුනඛයන් සංහාරය කර ආණ්‌ඩුවට මඩ ගැසීමේ ව්‍යාපාරයක නිරතව සිටින බලවේගයක්‌ ඇති බව පැහැදිලි ය.
සුනඛයන් බෝවීම සහ අයාලේ යැම මේ රටේ මිනිසුන්ගේ වරදකි. සුනඛයන් ඇති කර ඒ සතුන් විසින් පැටවුන් දමනු ලැබීමෙන් පසු ඒ පැටවුන් පාරට ගෙනවුත් දමන්නේ මිනිසුන් ය. ඒ නිසා මුලින්ම සංහාරය කළ යුත්තේ එසේ කරන මිනිසුන් ය. එහෙත් මිනිසුන්ට තමන් වෙනුවෙන් කතා කිරීමට කටක්‌ ඇති බැවිනුත්, ඒ කට තුළ ඇට නැති දිවක්‌ ඇති බැවිනුත්, තවදුරටත් තමන් වෙනුවෙන් කතා කිරීමට නීතිඥයන් ඇති බැවිනුත් සංහාරය නොවී, සිරදඬුවම් නො ලබා, අඩුම ගණනේ දොaෂාරෝපණයකටවත් ලක්‌නොවී බේරීමට හැකි ය. එහෙත් සුනඛයන්ට තමන් වෙනුවෙන් කතා කිරීමට නීතිඥයන් නැත. ඔවුන්ට කටක්‌ ඇති නමුත් එයින් කළ හැක්‌කේ බිරීම සහ ආහාර අනුභවය පමණි. ශිෂ්ටාචාරය මුල සිටි මිනිසාට සුනඛයා සහ ගවයා විසින් කෙරුණු උපකාර බොහෝ ය. සුනඛයා දඩයමේ යමින් ගේ දොර පරෙස්‌සම් කර දෙමින් මිනිසාගේ හොඳම මිතුරා බවට පත් වන්නේ අවුරුදු 15,000 කටත් පෙර ය. ගවයා, කිරි, මස්‌, සම යනාදිය මනුෂ්‍යයාට පූජා කරමින් අප්‍රමාණ මෙහෙවරක්‌ කළේ ය. මේ සතුන්ගෙන් නිදහස්‌ වීමට සිතන විට මිනිසුන් කරන්නේ වහාම උන් මැරීම ය. සුනඛ ගහණය අඩු කිරීම ක්‍රමානුකූලව කළ හැකිය. එම සතුන්ට වඳ සැත්කම් කර බෝවීම ක්‍රමානුකූලව නිමාවට පත් කළ හැකි ය. එය යුරෝපයේ පමණක්‌ නොව ඉන්දියාවේ ද අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලබා දුන් ක්‍රමයකි. ඒවා එකක්‌වත් අවුරුදු 2,500 ක ඉතිහාසයක්‌ ඇති සිංහල බෞද්ධ රටවල් නොවේ. ඔවුන් එක්‌කෝ කතෝලික ය. නැත්නම් හින්දු ය. සිංහල බෞද්ධයන් ලෙස විශාල බෝඩ් ප්‍රදර්ශනය කරන සුදු පැහැයෙන් සැරසුණු ජනයා සිටින මෙබඳු රටවල් සතුන්ට සලකන ආකාරය ඉතා නින්දිත ය. ඉතා දුක්‌ත ය.
බල්ලන් ඝාතනය කරන්නට අවශ්‍ය පසුබිම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් දැනටමත් සකස්‌ කර දෙනු ලැබ ඇති බව අපගේ විශ්වාසයයි. සුනඛ ගහණය සීමා කිරීමට ගත් සියලු වෑයම් අසාර්ථක වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ හෝ පෙරේදා ඉතා අහිංසක ලෙස පිළිගත්තේ ය. දෙවැනි ලෝක යුද්ධයට මාස කිහිපයකට පෙර ප්‍රසිද්ධ ප්‍රකාශයක්‌ කළ හිට්‌ලර් ජර්මන්කාරයන්ගේ සියලු දේපළ යුදෙව්වන් විසින් ක්‍රමානුකූලව අත්පත් කර ගනු ලබමින් සිටින බව කීවේ ය. එයින් කුපිත වූ ජර්මන් ජනයා දිගට හරහට යුදෙව්වන්ගේ කඩ සාප්පු ගිනි තබන්නට පටන් ගත්තේ ය. ඊළඟට නාසි හමුදාව යුදෙව්වන් මරන්නට පටන් ගත් විට ජර්මන් ජනයා ද එයට සහයෝගය දෙන්නට පටන් ගත්තේ ය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරි රොත්ත ඇමැතිවරයාටත් හොරා බල්ලන් මැරීම සඳහා අවශ්‍ය පසුබිම සකස්‌ කළේය. ඊළඟට එයට විරුද්ධ විය නොහැකි තැනකට ඇමැතිවරයාව ද පත් කළේ ය. මේ මොහොතේදී ඇමැතිවරයා මෙයට විරුද්ධ වුවහොත් සියලු කුණු ඔහු පිටින් යෑවිය හැකි ය.
සුනඛයන් මැරීම නවත්වන ලද්දේ ජනාධිපතිතුමාගේ නියෝගයකිනි. සුනඛ සංහාරය යළි ඇරඹීම වූ කලී ජනාධිපති නියෝගයක්‌ ගර්හාවට ලක්‌ කිරීමකි. ජනාධිපතිතුමනි, මේ බෞද්ධ රට තුළ මෙබඳු විපතක්‌ කරන්නට ඉඩ නොදෙන ලෙස ඔබතුමාගෙන් ඉල්ලමු. හරකා මැරීම මව මැරීම හා සමාන ය. සුනඛයා මැරීම හොඳම මිතුරා මැරීම හා සමාන ය.
 

divaina 2011.01.07


No comments:

Post a Comment