Tuesday, January 17, 2012

උසස්‌ ප්‍රමිතියේ බී.බී.ඒ. උපාධියක්‌ ශ්‍රී ලංකාවේදී

විශ්ව විද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව මඟින් අනුමැතිය ලත් වසර හතරක ව්යාපාර පරිපාලනය පිළිබඳ විශේෂ ගෞරව උපාධි පාඨමාලාවක් ශ්රී ලංකා තොරතුරු තාක්ෂණය ආයතනය (SLIIT) විසින් ආරම්භ කර තිබේ. ව්යාපාර පරිපාලන ක්ෂේත්රයේ නවතම අභියෝගවලට මුහුණ දෙමින් සාර්ථක වෘත්තිකයන් බවට පත්වීමේ දැනුම සහ කුසලතා ප්රවර්ධනය වන අන්දමින් මෙම උපාධි පාඨමාලාව සැලසුම් කර තිබේ.

(SLIIT)
ආයතනයේ මාලබේ පරිශ්රයේදී ක්රියාත්මක කෙරෙන මෙම උපාධි පාඨ මාලාවට ජාතික සහ ජාත්යන්තර මට්ටමේ ව්යාපාර පරිපාලනයට අදාළ විෂය කරුණු මනාව අන්තර්ගත කර ඇත. ඉංගී්රසි මාධ්යයෙන් පැවැත්වෙන මෙම උපාධි පාඨමාලාවේ අධ්යයන කටයුතු සතියේ දිනවල සහ සතිඅන්තයේ වෙන වෙනම පැවැත්වේ. දේශීය හෝ බ්රිතාන් උසස්පෙළ විභාගයේ ඕනෑම විෂයන් තුනකින් සමත් වීම උපාධි පාඨමාලාවට ඇතුළත් වීමට සුදුසුකම වන්නේය. සිසුන්ගේ අවශ්යතාව මත තෙවන වසරේ අධ්යයන කටයුතු සඳහා බ්රිතාන්යයේ Sheffield Hallam විශ්ව විද්යාලයට සම්බන්ධ වීමටද හැකියාව ඇත. එසේ තුන්වන වසර ශ්රී ලංකාව තුළදීම Sheffield Hallam සරසවියේ උපාධිය සම්පූර්ණ කර නැවත ඉහත කී ගෞරව උපාධියට යොමුවීමේ අවස්ථාවද සලසා දී ඇත. "විෂය දැනුමට අමතරව පරිබාහිර ක්රියාකාරකම්වල නිරත වෙමින් කුසලතා වර්ධනය කර ගැනීමටද සිසුන්ට අවස්ථාව ලබාදෙනවා." මෙම උපාධි පාඨමාලාව ගැන අදහස්දැක්වූ SLIIT ආයතනයේ කුලපති මහාචාර්ය එස්‌. කරුණාරත්න මහතා පවසයි. එහි ප්රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ මහතා කියා සිටියේ "ජාත්යන්තර ව්යාපාර ක්ෂේත්රයේ අභියෝග ජයගනිමින් ඉදිරියට යා හැකි කුසලතා සහිත උසස්ප්රමිතියෙන් යුත් අධ්යාපනයක්SLIIT ආයතනයෙන් ලබා දෙනවා" යන්නයි.

Divaina 2012.01.18

No comments:

Post a Comment