Wednesday, January 11, 2012

විශේෂිත රජයේ සේවක වාට්ටු වෘත්තීය සමිතියේ ඇගයීමට

2012 ජනවාරි 11 වෙනි බදාදා, 13:17
රාජ්‍ය සේවකයින්ට රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබා ගැනීමට විශේෂිත වාට්ටු ආරම්භ කිරීමට රජය ගෙන තිබෙන තීරණයට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සිය ස්තූතිය පළ කර ඇත.

කොළඹ ජාතික රෝහලේ මහල් අටකින් යුත් නව වාට්ටු සංකීර්ණයක් ගොඩනැගීමටත් අනිකුත් රජයේ රෝහල්වල රාජ්‍ය සේවකයින් වෙනුවෙන් එම වාට්ටු ආරම්භ කිරීමට ත් රජය මේ වන විට තීරණය කර ඇත.

එසේ ම රජයේ විශ්‍රාමිකයන්ට ද මෙම ගෙවන වාට්ටු පහසුකම් ලබා දෙන ලෙස සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරයි.

රජය ගනු ලබන ජනතාවට යහපත් තීරණ පවා ක්‍රියාත්මක කිරීමට ඇතැම් පාර්ශව මැලිකමක් දක්වන බව සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියෝ පෙන්වා දෙති.

http://www.asianmirror.lk/index.php/main-news/7280-2012-01-11-13-18-07 

No comments:

Post a Comment