Thursday, January 19, 2012

වැරදි උසස්පෙළ ප්‍රතිඵලයම ඇෙඟ් ගැහිල්ලට එරෙහිව වෘත්තීය සමිති 25 ක් එක්වෙති----



(ලංකා ඊ නිව්ස් -2012.ජන.18, ප.ව.7.30)

උසස්පෙළ වැරදි ප්‍රතිඵලය යළි නිවැරදි නොකොට මහජනතාවෙග් ඇෙඟ් ගැනීමට එරෙහිව වෘත්තීය සමිති 25 කින් සමන්විත ඒකාබද්ධ සංවිධානයක් බිහිවී තිබේ. 2011 උසස්පළ ප්‍රතිඵල නිකුත් කිරිමේදී විභාග දෙපාර්තමේන්තු බලධාරින්ගේ වැරදි සහගත තීන්දු නිසා සමස්ත උසස්පළ ප්‍රතිඵලයම දෝශ සහගත විය. මෙහිදී ළමුන්ගේ 'ඉසෙඩ් ස්කෝ' නැමති ලකුණු අතිශයින්ම දෝශ සහගත විය. මෙම දෝශ සහගත ප්‍රතිඵල හමුවේ දැඩි මහජන අප්‍රසාදයක් රජයට එරෙහිව ගොඩ නැගුණි. මෙම ප්‍රතිඵලයන්හි ඇති වරද යටගැසිමට ඇමතිවරු සහ බලධාරීන් මුල සිටම උත්සාහ කළත් දිනෙන් දිනම වර්ධනය වන විරෝධය හමුවේ ඒ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත්කිරීමට ආණ්ඩුවට සිදුවිය.

මෙම කමිටුව අධ්‍යාපන ෙක‍ෂ්ත්‍රයේ රජයේ නිලධාරීන්ගෙන් පමණක් සමන්විත වු අතර විභාග ප්‍රතිඵලයන්හි පැවති දෝශය හඳුනාගැනීමටවත් නොහැකි වී ඇති මෙම කමිටුව ඇමතිවරුන් සහ බලධාරීන්ගේ ගැටළුව යටගසන ප්‍රකාශම අනුමත කරන වාර්තාවක් නිකුත් කර ඇති බව වාර්ථාවේ. එම කමිටු වාර්තාව කිසිදු අයුරකිනන් මේ දක්වා එළිදක්වා නැත.

මෙම "ඊනියා කමිටු වාර්තාව" ප්‍රතිෙක‍ෂ්ප කරමින් උසස්පෙළ ප්‍රතිඵල ගැටළුවේ සැබෑ වරද හඳුනා ගෙන කටයුතු කරන ලෙස රජයට බලකරමින් සහ ජනතාව දැනුවත් කරමින් කටයුතු කිරීමට වෘත්තීය සමිති 25 කින් සමන්විත ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය තීරණය කරන ලදි.

ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ලෙස ඉදිරි වැඩ පිළිවෙල දැනුවත් කිරීම සඳහා අද(18) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබිණ.

මෙහිදී අදහස් දැක්වු ලංකා බැංකු සේවක සංගමයේ සභාපති අමරපාල ගමගේ මහතා
-------------------------------------------------------------------
මෙම විශ්වාසයක් නොමැති ප්‍රතිඵලය නිසා සමාජය තුල විභාග කෙරෙහි ඇති විශ්වාසය සහ බලාපොරොත්තු කඩවි තියෙනවා. මෙම වැරදි සහගත ප්‍රතිඵලය නිවැරදි කිරිමට යැයි රජය පත්කළ කමිටුවට ප්‍රතිඵලයේ මූලික දෝශ පවා හඳුනාගැනීමට අසමත් වෙලා මෙම විභාග ප්‍රතිඵලයේ මූලික දෝශය වන්නේ 'ඉසෙඩ් ස්කෝ' අගය ගණනය කිරීම. මෙම 'ඉසෙඩ් ස්කෝ' ගණනය කිරීම වරදක් නොවන බවත්, දිස්ත්‍රික් පනදම ගණනය්දී සුළු දෝශයක් ඇති වී ඇති බවත්, රජය පාර්ශවයෙන් පවසයි. මෙහිදී 'ඉසෙඩ් ස්කෝ' ගණනය කිරීම වැරදි බව එම ක්‍රමය හඳුන්වාදුන් මහාචාර්යවරයා පවා පවසද්දී එය පිළිගැනීමට සුදානම් නොවීම අවාසනාවන්ත තත්වයක්. මෙම ගැටළුව විසඳීම නොකළහොත් විශාල සමජ ගැටළුවක් දක්වා වර්ධනය විය හැකි බව අප පෙන්වා දෙනවා.
අප රජයෙන් ඉල්ලා සිටිනවා මෙම 'ඉසෙඩ් ස්කෝ' ක්‍රමය නිවැරදිකර ප්‍රතිඵල නිකුත් කරන ලෙස අපි ඒකාබද්ධ වාත්තිය සමිති සන්ධානය ලෙස රජයට බලකර සිටිනවා.

ලංකා ගුරුසේවක සංගමයේ ලේකම් -ජෝසප් ස්ටාලින් මහතා
--------------------------------------------------------------------

රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් තමන් උපයන් ආදායමෙන් වැඩි කොටසක් වියදම් කරන්නේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. උසස්පෙළ ප්‍රතිඵලය කියන්නේ දෙමව්පියන් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කළ මුදල්වල ආයෝජනයේ ප්‍රතිඵලය වගේ. උසස්පෙළ ප්‍රතිඵල නිකුත් කරන්න නියමිත නොවැම්බර් වල. විෂය නිර්දේශ දෙකක් යටතේ පවත්වපු විභාග දෙකක ප්‍රතිඵල 'ඉසෙඩ් ස්කෝ' එකම තලයකට ගේන එක ගැටළුවක් නිසා විභාග ප්‍රතිඵල ප්‍රමාද වුනා. ඒකත් ජනාධිපති නියමයෙන් එක් දිනක් ඇතුල ප්‍රතිඵල නිකුත් කළා.නමුත් මේ ප්‍රතිඵල නිකුත් කිරීම 'ක‍ෂණිකව' කරන්න ගිහින් ප්‍රතිඵල ආශ්චර්යමත් වුනා. විවිධ දෝශ පිළිබඳව ශිෂ්‍යයින් පැමිණිලි
කළා. විශාල ජන විරෝධයක් මතුවුනාම ගැටළුව විසඳන්න නෙවෙයි ජන විරෝධය යටපත් කරන්න කමිටුවක් පත්කළා. මෙම කමිටුව කියන්නෙ කමිටුව පත් කරන්න කළින් විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ විෂයභාර ඇමතිවරු කියපු දේමයි. 'ඉසෙඩ් ස්කෝ' හඳුන්වාදුන් මහාචාර්ය ආර් ඕ තටිල් මහතා කියනවා 'ඉසෙඩ් ස්කෝ' ගණනය මෙවර වැරදියි කියලා. ඒ වැරැද්ද පිළිගන්න සූදානම් නැති මේ පාලකයෝ සහ ඇමතිවරු ඒ මහාචාර්යතුමාට චෝදනා කරමින් පරිභව කරනවා. සමාජයට සත්‍ය හෙළි කරන, බුද්ධිමතුන්ට නිගා කිරීම ඉතාම පහත් ක්‍රියාවක්. අද එතුමට මරණ තර්ජන පවා කරනවා.

අපි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විධියට ආණ්ඩුවට බල කරනවා මෙම 'ඉසෙඩ් ස්කෝ' දෝශ සහිත උසස්පෙළ ප්‍රතිඵලය අවලංගු කරලා විෂය පිළිබඳ පරිනත බුද්ධිමතුන්ගේ උපදෙස් අරන් නැවත ප්‍රතිඵල කඩිනමින් නිකුත් කරන්න කියලා.

අපි ඒ සඳහා දීප ව්‍යාප්ත ජනතාව දැනුවත් කරමින් පුළුල් ජන බලයක් ගොඩ නගනවා.
සමන් රත්නප්‍රිය - ප්‍රධාන ලේකම් - වෘත්තිය සමිති මහා සම්මේලනය
------------------------------------------------------------
මේ ආණ්ඩුව ජනතාවගේ විඥානය හඳුනා නොගෙන ජනතාවගේ කරමත බලහත්කාරයෙන් පටවන්න හදන, විද්වත් අදහස් නොසළකා හරමින් කටයතු කරන, ජනතා නැගටීම් වලින් හකුළාගන්නා උදාරණ මෑත ඉතිහාසයේ ඕනෑ තරම් තියෙනවා.

ඒවානම් 'විශ්‍රාම පනත', 'ප්ලාස්ටික් කූඩ', වගේ දේවල්. ඒ අවස්ථාවලදි වගේම මෙම ප්‍රතිඵල ගටළුවේදී පිළිගතහැකි, විෂය පිළිබඳ දැනුම ඇති විද්වතුන්ගේ අදහස් විමසන්නේ නැතුව 'ඉසෙඩ් ස්කෝ' සූත්‍රයේ නිර්මාතෘ වන ආර් ඕ තටිල් මහතා ඒ පිළිබඳව දක්වන අදහස් නොසළකා හැරලා ඔහුව නිර්දය ලෙස විවේචනය කරලා, තර්ජනය කරලා බලහත්කාරයෙන් උසස්පෙළ ප්‍රතිඵලයක් සිසුන්ගේ කරමත පටවන්න උත්සාහ ගන්නවා.

ඇමතිවරු කරන ප්‍රකාශ සියල්ල වරද සොයන්න පත්කළ කමිටුවේ ප්‍රකාශ සියල්ලම පරස්පර විරෝදී එක් එක් ප්‍රකාශවලින් අනෙකාගේ ප්‍රකාශ පැහැදිලි කිරීම් ප්‍රතිෙක‍ෂ්ප වෙනවා. මූළික ගැටළුව හඳුනානොගත් කමිටුව සහ ඇමතිවරුන්ගේ විකාර රූපි ප්‍රකාශ විධියටයි අපි මෙම ප්‍රකාශ සළකන්නේ.

නිවැරදි ප්‍රතිඵල නිකුත් කිිරීමට ආණ්ඩුව සැබෑ අවශ්‍යතාවයක් නොමැති නිසා සාධාරණ සත්‍ය ප්‍රතිඵල ලබාදෙන ලෙස බලකෙරෙන උද්ඝෝෂණ මාලාවක් ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් සංවිධානය කරා. මේ ඒකේ මූලික අදිරයක්. ඒ යටතේ

• අද අපි මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කළා.
2012-01-20 වන දින කොටුව දුම්රියපොළ ඉදිරිපිට සවස 4.00 ට පත්‍රිකා ඛෙදීමක් සිදුකරනවා.
• ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ කොළඹ මෙන්ම ප්‍රදේශීය වශයෙනුත් පවත්වන කටයුතු කරනවා. මෙහි පළමු සම්මන්ත්‍රණයට 201201-22 වන ඉරිදා අනුරාධපුරයේදී පැවැත්වෙනවා.
• 'ඉසෙඩ් ස්කෝ' නිවැරදිව ගණනය කරන ලද ප්‍රතිඵල නිවැරදිව ලබාදෙන මෙන් රජයට බලකරන ජනතා පෙත්සමක් අත්සන් කරන්න අප කටයුතු කර තියෙනවා. එම පෙත්සමට අත්සන් තැබීමත් 2012-01-22 වන දින අනුරාධපුරයේම ආරම්භ වෙනවා.
• එමෙන්ම කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී 2012-01-26 දින සවස 3.00 ට ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් පැවැත්වීමටත් කටයුතු කරලා තියෙනවා.

නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා:
----------------------------------------------------------------------------------------
මෙම ගැටළුව පරිපාලන ගැටළුවකට එහා ගිය දේශපාලනික කාරණයක්. මේ 'ඉසෙඩ් ස්කෝ' හඳුන්වාදුන්නේ ළමයා ලබාගන්නා දක‍ෂතාවය ප්‍රදර්ශනය කිරීමේ ලකුණක් ලෙස වුවත් එය පාවිච්චි කරන්නේ විශ්ව විද්‍යාලවලට ළමුන් තෝරා ගන්නා ප්‍රමාණය කප්පාදු කරන්න. රජය විශ්වවිද්‍යාලවලට, පාසල් වලට ලබාදෙන මුදල් කප්පාදු කරලා ඒවා පුද්ගලික අංශයට විකුණන්න උත්සාහ කරනවා. මෙම විභාග ප්‍රතිඵල අවුලත් නිදහස් අධ්‍යාපනය ගැන තියෙන විශ්වාසය බිඳලා දැම්මේ එක් පියවරක් හැටියටයි අපි දකින්නේ. අපි රජයට කියනවා 'ඉසෙඩ් ස්කෝ' පිළිබඳ විද්වතුන් දන්වන අදහස්වලට ගරුකරන්න. පරිභව කරන්න එපා. 'ඉසෙඩ් ස්කෝ' ක්‍රමය හඳන්වා දෙන්න කටයුතු කළ මහාචාර්යතුමා ඇතුළු විද්වතුන්ගෙන් සමන්විත සැබැ කමිටුවක් පත් කරන්න කියලා.

ඒ වගේම ළමුන්ට තම තමන් එක් එක් විෂයට ලබාගත් ලකුණු වෙන් වෙන් වශයෙන් ලබාගැනීමේ ක්‍රමයක් සකස් කරන්න කියලත් අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

මෙම ඉල්ලීම් වලට ආණ්ඩුව කන්දෙන්නේ නැත්නම් මේ සඳහා බල කෙරෙන "ජන බලවේගයක්" ගොඩ නගන්න අප කටයුතු කරනවා.

ලීනස් ජයතිලක - සභාපති එක්සත් කම්කරු සම්මේලනය
-----------------------------------------------------------
අපි වෘත්තිය සමිති විදියට අපගෙ වැටුප් වැඩි කරගැනීමේ ප්‍රබල අරගලයක නියැලිලා ඉන්න වෙලාවක රජය නිහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමේ වැඩ පිිළිවෙලක නියැලිලා ඉන්නවා. ඊට එරෙහිව සටන් කරන ශිෂ්‍ය ව්‍යාපාර මර්ධනය කරනවා.

ඇමතිවරුන් කේවට්ටයෝ වෙලා ඔවුන්ට නිදහස් අධ්‍යාපනයවත් නිදහස් සෟඛ්‍යවත් රැකගැනීමේ කිසිදු අරමුණක හෝ අවශ්‍යතාවයක නෙවෙයි ඉන්නේ කියලා ඔවුන් කරන විහිළු සහගත ප්‍රකාශවලින් පැහැදිළි වෙනවා. ඔවුන් නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය කප්පාදුවේ ඒජන්තයින් වෙලා ඉවරයි.

අපිට වෘත්තීය සමිති නියෝජිතයින් ලෙස සමාජමය වගකීමක් තියෙනවා. මේ සඳහා ප්‍රබලව කටයුතු කිරීමේ අයිතියක් අපිට තියෙනවා. මෙම තත්වය නිවැරදි කරන්න කටයුතු නොකළහොත් අපි ඊට එරෙහිව පුළුල් ජන බලවේගයක් ගොඩ නගන්න කටයුතු කරනවා.

ධර්මසිරි ලංකාපේලි - සභාපති -මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
---------------------------------------------------------------
අපි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විධියට මෙම දෝශ සහිත උසස්පෙළ ප්‍රතිඵල ගැටළුව පිළිබද අදහස් ඉදිරිපත් කිරීම පමණක් කර නවතින්නේ නෑ. ප්‍රකාශ නිකුත් කිරීමට එහා ගිය වැඩ පිළීවෙලක් අපි ඉදිරිපත් කරනවා. නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමේ ආණ්ඩුවේ සැබෑ සැලසුම හඳනාගෙන ඊට එරෙහිව කටයුතු කිරීමට අප සූදනාම්. අද ආණ්ඩුවේ සැළැස්මට එරෙහිවන සියලූ දෙනා මර්ධනයට කටයුතු කරනවා. සැබෑ ප්‍රශ්න පිළිබඳ කථා කරන සියලූ දෙනාටම 'කොටි ලේබල්' අලවනවා. කොටි ලේබල් කියන්නේ පිනුළු වෙච්ච දෙයක්.

ශිෂ්‍ය ප්‍රශ්න, ජනතා ප්‍රශ්න, තේරෙන්නේ නැතිව ඇමතිවරු රූකඩ වගේ, නළුවෝ වගේ, කටයුතු කරනවා. අපි මෙම ආණ්ඩුවේ නීති විරෝධී වැඩ වෙනුවෙන් ජනතා බලයක් පෙලගස්සවන්න ඕන.

තවදුරටත් මෙම මාධ්‍ය සාකච්ඡාවේදී රක‍ෂණන සේවක සංගමයේ සභපති ආර් එස් නන්දලාල් සහ රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමයේ ලේකම් නිශාන්ත මෙන්ඩිස් යන මහත්වරුද අදහස් දැක්වූහ.

මුළු රටටම බලපාන මෙම ගැටළුවේදී දැනට ඒකාබද්ධ වූ වෘත්තීය සමිති මෙසේය.

1. ලංකා බැංකු සේවක සංගමය
2. එක්සත් කම්කරු සම්මේලනය
3. සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය
4. නිදහස් වෙළඳකලාප සහ පොදු සේවා සේවක සංගමය
5. ස්වාධීන තටාක සේවක සංගමය
6. මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
7. ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය
8. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය
9. තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය
10. ලංකා ගුරු සංගමය
11. රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය
12. ස්වාධීන වරාය සේවක සංගමය
13. ජාතික කම්කරු සංගමය
14. සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය
15. ශ්‍රී ලංකා මහජන පරීක‍ෂකවරුන්ගේ සංගමය
16. රජයේ කීට විද්‍යා සහකාර නිලධාරීන්ගේ සංගමය
17. මහ බැංකු සේවක සංගමය
18. රජයේ දන්ත ශිල්පීන්ගේ සංගමය
19. රජයේ විද්‍යුත් නිකර්පණ රේඛන ශිල්පීන්ගේ සංගමය
20. ප්‍රගති සංගමයේ
21. දුම්රිය වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ
22. රක්ෂණ සේවක සංගමය
23. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
24. ආණ්ඩුවේ එක්සත් කම්කරු සම්මේලනය
25. ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

No comments:

Post a Comment