Tuesday, January 17, 2012

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් වෙනත් සේවාවන්ට යොමුකිරීමේ උත්සාහයක් - උපාධිධාරී පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්

2012 ජනවාරි 17 වෙනි අඟහරුවාදා, 18:12



උපාධිධාරී පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් සෞඛ්‍ය සේවයට බඳවා ගැනීමේ දී ඔවුන් වෙනත් සේවාවන්ට අන්තර්ග්‍රහණය කිරීමේ පරිශ්‍රමයක් වන බව උපාධිධාරී පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය වැඩිදුරටත් පවසන්නේ පරිපූරක වෛද්‍ය සේවය නියෝජනය කරන ඇතැම් වෟත්තීය සංගම්වල ඉල්ලීම් මගින් අර්බුද රැසක් නිර්මාණය වන බවයි. 

එම අර්බුදකාරී ඉල්ලීම් අතර වන පරිපූරක වෛද්‍ය සේවාවට අදාල නොවන වැටුප් තලයක උපාධිධාරී පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් ස්ථානගත කිරීම තරයේ ප්‍රතික්ෂේප කරන බව ද එම සංගමය යැවූ ලිපියේ දැක් වේ.

මේ පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට පෙරාතුව විධිමත් ක්‍රියා පිළිවෙත් අනුගමනය කරන ලෙසටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසටත් සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි. 

asianmirror.lk

No comments:

Post a Comment