Monday, January 9, 2012

මහරගම පිළිකා රෝහල අවට කිසිදු විකිරණශීලී තර්ජනයක් නෑ

ලක්බිම 2012 ජනවාරි 09 වෙනි සදුදා, 20:32
පැතුම් වික්රමරත්න


ප්රදේශවාසීන්ට අහිතකර බලපෑමක් නොමැති බව පරමාණුක බලශක්ති අධිකාරිය කියයි
මහරගම පිළිකා රෝහල අවට කිසිදු විකිරණශීලී තර්ජනයක් නැතැයි පරමාණුක බලශක්ති අධිකාරිය ප්රකාශ කරයි.



කෙසේ වෙතත් පිළිකා රෝහලේ ඉදිකර ඇති අපජලය ප්රමාද ටැංකිවල සිට, අපද්රව් ප්රතිචක්රීකරණ ඒකකය දක්වා සහ එම ඒකකයේ සිට ඇළ මාර්ගය දක්වා අප ජලය ගමන් කිරීමේදී යම් හෙයකින් පරිසරයට අයඩීන් කාන්දුවීමක් සිදුවෙතැයි අනුමාන කළ හැකි බැවින් සඳහා නව කාණු පද්ධතියක් සකස් කිරීමෙන් එම අවදානමද ඉවත් කළ හැකි බව පරමාණුක බලශක්ති අධිකාරිය සඳහන් කරයි.
වෛද් මතය අනුව විකිරණශීලී අයඩින් ශරීරගත වීම තුළින් තයිරොයිඩ් ග්රන්ථියේ පිළිකා තත්ත්වයක් ඇතිවන නමුත් මෙම රෝහල අවට ප්රදේශයේ ජනතාවට එවැනි තත්ත්වයක් උද්ගතතවී නොමැති බවත් තුළින් පිළිකා රෝහල අවට ජනතාවට සියයට සියයක්ම තමන් විකිරණශීලි බලපෑමෙන් තොර බවට තහවුරු කරගත හැකි බවත් නිවේදනයේ සඳහන් වේ.
පිළිකා රෝහලෙන් බැහැරකරනු ලබන අප ජලයේ විකිරණශීලී අයඩින් අහිතකර ලෙස මිශ් වීමක් හෝ එමගින් ප්රදේශවාසීන්ට කිසිදු අහිතකර බලපෑමක් හෝ සිදුනොවන බවට පරීක්ෂණවලින් සනාථ වී ඇතැයිද පරමාණුක බලශක්ති අධිකාරිය සඳහන් කරයි. පිළිකා රෝහලින් බැහැරවන අප ජලයෙහි විකිරණශීලී අයඩින් ස්වල්ප වශයෙන් පවතින බවට පරීක්ෂණවලින් තහවුරු වුවද නිසිපරිදි නව කාණු පද්ධතියක් මගින් පිටවන මෙම අපජලය ජනශූන් ප්රදේශයකදී මුදාහැරෙන බැවින් තුළින් ජනතාවගේ සෞඛ්යයට කිසිදු හානිකර තත්ත්වයක් ඇති නොවන බවද පරමාණුක බලශක්ති අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

No comments:

Post a Comment