Saturday, January 7, 2012

වෛද්‍ය සභාවේ අර්බුදය

ශ්රී ලංකා වෛද් සභාවේ නව සභාපතිවරයා වශයෙන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පත් කිරීම සම්බන්ධයෙන් වෛද් ක්ෂේත්රය තුළින්ම දැඩි විරෝධයක්එල්ල වී තිබේ. මෙම විරෝධතාවයේ පෙරමුණ ගෙන සිටින රජයේ වෛද් නිලධාරින්ගේ සංගමය මහාචාර්ය ෆොන්සේකා විරෝධී සටන ඇරැඹුවේ ඔහුව පත් කිරීමට පෙර සිටමය. ඒ සඳහා විශේෂඥ වෛද් සංගම් 40 පමණ සහාය ලබාගත් වෛද් නිලධාරින්ගේ සංගමය මහාචාර්ය ෆොන්සේකා වෛද් සභාවේ සභාපති පුටුවට නුසුදුස්සකු බවත් වෙනත් සුදුස්සකු එම පුටුවට පත් කරන තෙක්කලින් සිටි වෛද් සභා සභාපතිනිය වන මහාචාර්ය ලලිතා මෙන්ඩිස්මහත්මියවම එම ධුරයේ රඳවා ගන්නැයි ජනාධිපති මහින්ද රාජපක් මහතාගෙන් පවා ඉල්ලීම් කළේය.
එහෙත් එම ඉල්ලීම් නිෂ්ඵල කරමින් ජනාධිපතිවරයාගේ නිර්දේශය මත මහාචාර්ය ෆොන්සේකාව ඉකුත් ජනවාරි පළමුවැනිදා වෛද් සභාවේ නව සභාපතිවරයා ලෙස පත් කෙරුණු අතර පසු දිනම (02 වැනිදා) ඔහු සිය ධුරයෙහි වැඩ භාර ගත්තේය.
වෛද් නිලධාරින්ගේ සංගමය විසින් මහාචාර්ය ෆොන්සේකා වැන්නකු වෛද් සභාවේ සභාපති ධුරයට පත් කළහොත් රජයේ වෛද්යවරුන් වෛද් සභාවේ ලියාපදිංචියෙන් ඉවත් වීම ඇතුළු වෘත්තීය සමිති ක්රියාමාර්ගයන්ට යොමු වන බව ඉකුත් දෙසැම්බරයේදී ප්රකාශ කර සිටි අතර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හදිසි විධායක සභා රැස්වීමක්පසුගිය බ්රහස්‌පතින්දා රැස්කිරීමට පවා පියවර ගත්තේය. එහෙත් එහිදී තීරණය කෙරුණේ ඉදිරි සතිවලදී මහාචාර්ය ෆොන්සේකාගේ පත්වීම පිළිබඳ අනෙකුත් පාර්ශ්වයන් සමඟද සාකච්ඡා කර ගත යුතු ඉදිරි ක්රියාමාර්ග පිළිබඳ විශේෂ රැස්වීමක් කැඳවා තීරණය කිරීමටයි.
රජයේ වෛද් නිලධාරින්ගේ සංගමය හා විශේෂඥ වෛද් සංගම් මහාචාර්ය ෆොන්සේකාට එරෙහි සටනෙහි ඉදිරියෙන්ම සිටිනුයේ මාලබේ පෞද්ගලික වෛද් විද්යාලයේ නීත්යානුකූලභාවය හා ව්යාජ උපාධි සහතික ඉදිරිපත් කර වෛද් සභාවේ ලියාපදිංචිය ඉල්ලා ඇති බව කියන ලියාපදිංචි හා සහකාර වෛද් නිලධාරින් පිරිස සම්බන්ධ ගැටලුවලට රජයට වාසිදායක තීන්දුවක්ඔහුගේ පත්වීම හරහා වෛද් සභාව විසින් ලබා දෙනු ඇතැයි උපකල්පනය කරමින් බව පෙනී යයි.
පසුගිය මාස කිහිපය තුළම අදාළ ගැටලු සම්බන්ධව ප්රසිද්ධියේ පෙනී සිටි වෛද් නිලධාරින්ගේ සංගමය එවැනි උපකල්පනයක්මත කටයුතු කිරීමේ වරදක්නැතැයි ඇතැමකුට සිතෙන්නට ඉඩ ඇත. එහෙත් වෛද් නිලධාරින්ගේ සංගමය මෙසේ මහාචාර්ය ෆොන්සේකා මහතාගේ පත්වීමට විරෝධය පළ කරද්දී එම පත්වීම හරහා නව සංකල්පයක්මත පදනම් වූ වෛද් සභාවක්බිහිවනු ඇතැයි තර්ක කරන වෛද් වෘත්තිකයෝ පිරිසක් සිටිති. සෞඛ් වෘත්තීය සමිති සන්ධානයේ සභාපති හෙද නිලධාරි සමන් රත්නප්රිය පවසනුයේ පසුගිය කාලයේ ශ්රී ලංකා වෛද් සභාව හරහා තම වෘත්තිකයින්ගේ ගැටලු සම්බන්ධයෙන් ලබා දුන් තීන්දු පිළිගත නොහැකි තත්ත්වයක පවතින බැවින් මෙම නව පත්වීම සන්ධානය අනුමත කරන බවයි.
වෘත්තියෙන් රජයේ වෛද් රසායනාගාර කාර්මික ශිල්පියකු (එම්.එල්.ටී.) වන දැනට සෞඛ් අමාත්යාංශයේ ජංගම වෛද් රසායනාගාර සේවාවේ වැඩ කටයුතු භාරව සිටින නිලධාරියා වන රවී කුමුදේශ් පවසනුයේද පසුගිය කාලයේ වෛද් සංගම්වල උවමනා එපා කම් මත ක්රියාත්මක වූ වෛද් සභාවේ සභාපති පුටුවට මහාචාර්ය කාලෝ ෆොන්සේකා වැන්නකු පත් වීමෙන් එම සභාව තුළ නව සංස්කෘතියක්බිහි වනු ඇති බවයි. මහජනතාවගේ පාර්ශ්වයේ සිට තීන්දු-තීරණ ගන්නා විද්වතකු වීම නිසා ඔහුගේ පත්වීම තමන්ද අනුමත කරන බව කුමුදේශ් වැඩිදුරටත් කියා සිටී.
මෙසේ වෛද් සංගම් හා වෙනත් වෛද් සේවා වෘත්තීන් මහාචාර්ය ෆොන්සේකාගේ නව පත්වීම සම්බන්ධව පක්ෂව හා විපක්ෂව මත ඉදිරිපත් කරන ආකාරය අනුව පැහැදිලි වනුයේ වෛද් සේවාවේ ප්රමිතිය, ගුණාත්මක බව හා අයිතීන් සුරැකීම සඳහා ක්රියා කරන වෛද් සභාව හා එහි සභාපති ධුරය කොතරම් වැදගත් ආයතනයක් යන්නයි. මහාචාර්ය ෆොන්සේකාගේ පත්වීමට පක්ෂව අදහස්පළ කරන සෞඛ් සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්රිය පවා පවසනුයේ ඉදිරියේදී වෛද් සභාව ස්වාධීනව කටයුතු කරන්නේදැයි විමසිල්ලෙන් සිටින බවයි. එසේ එම සභාව ස්වාධීන අයුරින් ක්රියාත්මක නොවන බව පෙනී ගියහොත් එයට එරෙහිව කටයුතු කිරීමට පසුබට නොවන බවද ඔහු කියා සිටී.
සැබැවින්ම රජයේ වෛද්යවරුන් පමණක්නොව හෙද, පරිපූරක ඇතුළු සෞඛ් වෘත්තීන් 50 කට අධික සංඛ්යාවක ප්රමිතිය සම්බන්ධව කටයුතු කිරීමේ වගකීම පවතින වෛද් සභාව ස්වාධීන ආයතනයක්වශයෙන් ක්රියාත්මක වීම අත්යවශ් සාධකයකි. මහාචාර්ය ෆොන්සේකාගේ පත්වීම දේශපාලන පත්වීමක්බවට පත් කරමින් හරහා තම අභිමතාර්ථයන් ඉටුකර ගැනීමට රජය කටයුතු නොකළ යුතු අතර එය ස්වාධීනව පවත්වා ගෙන යැමට අවශ් පියවර ගත යුතු බව අපගේ හැඟීමයි. එසේ කිරීමෙන් හා වෛද් සභාවේ පරිපාලනය සම්බන්ධව පැන නගින ගැටලු සෞඛ් ක්ෂේත්රයේ සෙසු වෘත්තීය සමිති සමඟ එක්වී සාකච්ඡා මාර්ගයෙන් විස¹ ගැනීමෙන් වෛද් සභාවේ නව සභාපතිවරයාට එල්ල වී ඇති විරෝධතා මඟ හරවා ගැනීමට හැකි වනු ඇත.
වෛද් සභාව ස්වාධීන ආයතනයක්අයුරින් ක්රියාත්මක නොවන්නේ නම් එතුළින් පැන නැඟීමට ඉඩ ඇති වෛද් වර්ජනයන් තුළින් සෞඛ් ක්ෂේත්රයම අරාජික තත්ත්වයට පත්වීමට ඉඩ ඇති බව බලධාරීන් අමතක නොකළ යුතුය.
ඒමන්ති මාරඹේ
Divaina 2012.01.08

No comments:

Post a Comment