Monday, January 16, 2012

වෛද්‍ය ඈශ්ලි හේරත්ගේ වෛද්‍ය සභාවට පත් කිරීමේ තීරණයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ විරෝධය

Posted in පැයේ පුවත් on January 16, 2012 Leave a Comment
වෛද්‍ය ඈෂ්ලි හේරත් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට පත් කිරීමට ගත් තීරණයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය පළකරනවා. එම සංගමයේ උපලේකම් වෛද්‍ය උපුල් ගුණසේකර අනාවරණ කරන්නේ  වෛද්‍ය ඈෂ්ලි හේරත් මීට පෙර පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් මෙරට ආරම්භ කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පුද්ගලයෙකු බවයි. මේ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණයට එරෙහිව ගන්නා ක‍්‍රියාමාර්ග හෙට දිනය තුළ තිරණය කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව හෙට     රැුස්වන අතර මීට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයට මහාචාර්ය කාලෝ ෆොන්සේකා පත් කිරීමටද විරෝධය පළකළා.
vfmradio.lk

No comments:

Post a Comment