Friday, January 13, 2012

ජාතික රෝහලේ වෛද්ය.වරු ගුටි ඇන ගනිති


January 13, 2012 at 5:12 pm | Lanka C News.

කොළඹ ජාතික රෝහලේ ශ්‍රේණිගත වෛද්‍යවරුන් විසින් කැඳවා තිබූ හදිසි රැස්‌වීමක් සම්බන්ධයෙන් එම රෝහලේ වෛද්‍යවරුන් දෙපිරිසක්‌ අතර හටගත් වචන හුවමාරුවක්‌ දුරදිග යැමෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයකු විසින් එම සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන වෛද්‍යවරයකුට පහර දී ඇතැයි ජාතික රෝහල් ආරංචි මාර්ග පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ශ්‍රේණිගත වෛද්‍යවරුන් නොසලකා හැරීමේ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන බවත්, ඇතැම් නිලධාරින් සංගමයේ සාමාජිකත්වයේ ඉල්ලීම් ඉටු කිරීමට උත්සාහ නොදරන බවටත් වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියාට පහරදුන් විධායක කමිටු සාමාජිකයා මෙහිදී චෝදනා මුඛයෙන් පවසා ඇති අතර එයට පිළිතුරු වශයෙන් සංගමයේ අභ්‍යන්තර ප්‍රශ්න මාධ්‍යයන්ට ප්‍රකාශ කරන බවට එම නිලධාරියා විධායක කමිටු සාමාජිකයාට දොaෂාරෝපණය කිරීමත් සමගම මෙම පහරදීම සිදු කර තිබේ.
http://lankacnews.com/sinhala/news/42951/

No comments:

Post a Comment