Thursday, January 12, 2012

පුද්ගලික සරසවි පනත කොටින්ගේ බළල් අතක් ද ? - සංජීව බණ්ඩාර

2012 ජනවාරි 12 වෙනි බ්‍රහස්පතින්දා, 18:47
පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ගෙන ඒමෙන් විශ්වවිද්‍යාල තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීම පසුපස කොටි සංවිධානය සිටිත්දැයි සොයා බැලිය යුතු බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ 12 වැනි දා පස්වරුවේ කොළඹ නිපොන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. 

විශ්වවිද්‍යාල තුළ පැන නැගෙන උද්ඝෝෂණ වැළැක්වීමට නම් ආණ්ඩුව කළ යුතු ව ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුළාගෙන ශිෂ්‍ය මර්දනය නතර කිරීම බව ඔහු සඳහන් කළේ ය. 

එමෙන් ම රාජ්‍ය මාධ්‍ය,ශිෂ්‍ය ව්‍යාපාරය ඉලක්ක කර ගනිමින් ඒ වෙත කොටි ලේබලය ඇලවීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් කෙතෙක් බාධක එල්ල වුවත් නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා දිවි හිමියෙන් සටන් වදින බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය. 

http://www.asianmirror.lk/index.php/news/7324-2012-01-12-19-11-39

No comments:

Post a Comment