Friday, January 27, 2012

හෘද රෝගීන් සඳහා වූ පකිස්තාන ඖෂධය තාවකාලිකව භාවිතයෙන් ඉවතට

හෘද රෝගීන් සඳහා භාවිතා කරන පකිස්තානයේ නිෂ්පාදිත Isosobite mono nitrate mg 20 නැමැති ඖෂධය තාවකාලිකව ශ්රීත ලංකාවේ භාවිතයෙන් ඉවත් කරයි. පෙරේදා (26) පකිස්තානයේ හෘද රෝගීන් 70 කට මරු කැඳවු ඖෂධ පිළිබඳව ඊයේ (27) ජාතික ඖෂධ අධිකාරිය විසින් එය ශ්රී ලංකාවේ භාවිතා වන්නේ ද යන්න සොයා බැලිණි.
ඒ අනුව Isosobite mono nitrate – mg 20 නැමැති ඖෂධය පමණක් ශ්රීෂ ලංකාවේ ලියාපදිංචි ඖෂධයක් වශයෙන් භාවිතා කෙරෙන අතර, පකිස්තානයෙන් වාර්තා වූ එම සිද්ධිය නිසා අදාළ ඖෂධය ශ්රී, ලංකාවේ රෝහල්වල භාවිතා කිරීම හා පුද්ගලික ඔසුසැල්වල අලෙවි කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ජාතික ඖෂධ අධිකාරියේ අධ්යවක්ෂ වෛද්යක හේමන්ත බෙනරගම මහතා පවසයි.
මේ ඖෂධය පකිස්තානයේ ඖෂධ සමාගමක් වන Zefro නැමැති ඖෂධ සමාගම නිපදවයි. ඉහත කී ඖෂධය අත්හිටුවීම පිළිබඳව ජාතික ඖෂධ අධිකාරියේ අධ්යවක්ෂවරයා සෞඛ්යු ඇමැති මෛත්රීෂපාල සිරිසේන මහතාට දැනුම් දුන් අතර, ඇමැතිවරයා මේ ඖෂධය සම්බන්ධව සිදුකරන පරීක්ෂණ අවසන් වන තෙක් එම ඖෂධය භාවිතා කිරීම සහ පුද්ගලික ඔසුසැල්වල අලෙවි කිරීම අත්හිටුවීමට කටයුතු කරන ලෙස උපදෙස් දී ඇත.
dinamina 2012.01.28

No comments:

Post a Comment