Saturday, January 7, 2012

කලා අංශයෙන් ඉගෙනගත් දරුවන්ට හෙද උපාධියක් පිරිනමන්නත් බලාපොරොත්තු වෙනව - SB

TUESDAY, JANUARY 3, 2012



ලංකාවේ ලබාදෙන බාහිර උපාධියේ කිසිදු වටිනාකමක් නැති බවත් ඡුන්ද කාලෙට පත්වීම් දෙන උපාධි පත්වීමකට ගත්තොත් මිස මේ බාහිර උපාධිය බල්ලෙක්වත් ගණන් ගන්නේ නැති බවත් ඊයේ පිලියන්දලදී පැවති උත්සවයකදී උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසා තිබෙනවා. ඔහු ඒ අවස්ථාවේදී මෙසේ කියා සිටියා

උපාධිධාරීන් බලන්නෙ රාජ්‍ය සේවයෙම එල්ලෙන්නයි’ 1970 දී රාජ්‍ය සේවයට බ`දවා ගත් උපාධිධාරීන් පිරිස ගෝනි ගණනට අනාතයින් විදිහට තමා එලියට ගියේ’ ඒ නිසා මේ දරුවෝ ඒ තත්වයට වැටෙන්න හදන්න එපා’රාජ්‍ය සේවයේම එල්ලෙන්න හදන්න එපා’’’රජයේ තනතුරක් දෙනව කිව්වොත් තමන් වැඩි පඩියට කරන රැුකියාවත් ඇතෑරලා අඩු පඩියට හරි එනවා’’’එදා එක්සත් ජාතික පක්‍ෂ රජය යලි පුබුදුමු වැඩ සටහන ගෙන ආවේ ලක්‍ෂ අටක් ඉන්න රාජ්‍ය සේවකයින් අවුරුදු 3ක් ඇතුලත ලක්‍ෂ හතරට අඩු කරන්න’’’’ ඒත් ජනාධිපතිතුමා රාජ්‍ය සේවය ලක්‍ෂ 14 ක් දක්වා ගෙනාවා’
හැබැයි මේකෙ සීමාවක් තියෙනවා රාජ්‍ය සේවය පල්වෙන්න පල්වෙන්න රටේ නිශ්පාදනය අකාර්යක්‍ෂම වෙනවා’’’’අද පිටරට රැුකියාවලට ගිහින් ඉන්න ඉන්ජිනේරුවො පරිපාලන නිලධාරින් මහාචාර්යවරු වෛද්‍යවරු සියලූ දෙනා වැඩ කරන්නේ පෞද්ගලික අංශයේ ආයතනවල’’’’ඇමරිකාවේ රාජ්‍ය සේවය සියයට දශම අටයි’’’එංගලන්තයේ සියයට තුනයි සිංගප්පූරුවේ සියයට එකයි එයින් කියවෙන්නේ වැඩිදෙනා වැඩ කරන්නේ පෞද්ගලික අංශයේ බව’’’’ ලංකාවේ දෙන බාහිර උපාධියේ කිසිම වටිනාකමක් නෑ’’’මේවයින් ඡුන්ද කාලෙට පත්වීම් දෙන උපාධි පත්වීමක් ගත්තොත් මිසක් මේ බාහිර උපාධිය බල්ලෙක්වත් ගණන් ගන්නේ නෑ’

අපි පෞද්ගලික විශ්ව විද්‍යාල මගින් විවිධ පාඨමාලා’ අරඹනවා කලා අංශයෙන් ඉගෙනගත් දරුවන්ට හෙද උපාධියක් පිරිනමන්නත් බලාපොරොත්තු වෙනව’මේවට වෛද්‍ය සංගමය විරුද්ධ වුණාට අපි වැඩිකල් යන්න කලින් ඒ ප‍්‍රශ්න බේර ගන්නවා’අමාත්‍ය එස්.බී.දිසානායක මේ කතාව කළේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයට අනුබද්ධිත විවෘත හා දුරස්ථ අධ්‍යාපණ කේන්ද්‍රය පිලියන්දලදී ආරම්භ කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයකට ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවෙමිනි

http://lankanewsocean.blogspot.com/2012/01/blog-post.html

No comments:

Post a Comment