Wednesday, January 25, 2012

හැමදෙයකින්ම ඉදිරියට ගියත් මව්බිමට තියෙන ආදරය අඩු කරන්න එපා – ජනපති



දැනුමෙන්, විද්‍යාවෙන් ඉදිරියට ගියද තම මාතෘ භුමියට තිබෙන ආදරය හා මව්බිම පිළිබඳ හැඟීම අමතක නොකළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ(22) අරලියගහ මන්දිරයේදී පැවැති හෙද පුහුණුවට තරුණ තරුණියන් 2500 ක් බඳවා ගැනීම නිමිත්තෙන්වූ උත්සවයේදීය.
මෙහිදී හෙද සේවයේ පුහුණුවට බඳවා ගැනුන පිරිස අතරින් උතුරු නැගෙනහිර ඇතුළු සියලු පළාත් හා දිස්ත්‍රික්ක නියෝජනය කළ තරුණ තරුණියන් 30කට පමණ මෙහිදී ජනාධිපතිතුමා පත්වීම් ප්‍රදානය කළේය.
උත්සව සභාව අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ හෙද සේවය රුකියාවට වෘත්තීයකට වඩා ගෞරවාන්විත සමා‍ජ සේවාවක් බවත්, අසනීපයෙන් පෙලෙන්නෙකුට නිරෝගීවීමට ශක්තියත් සපයන හෙද නිලධාරියෙකුගේ හෝ හෙද නිලධාරිනියකගේ සිනහව බොහෝ ගැටළු බොහොමයක් විසඳන බවත්ය.
හෙද සේවාවට ලෝකයේ ඉල්ලුමක් තිබෙන අතර ලංකාව අද රටක් වශයෙන් ඉදිරියට යන ගමන තුල මෙරට හෙද හෙදියන්ටද විශාල ඉල්ලුමක් පවතින බව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

sinhala.readsrilanka.com

No comments:

Post a Comment