Friday, December 7, 2012

අපිට ඕන චක්රලේඛ

හෙද ඉල්ලීම් රැසකට මහා භාණ්ඩාගාරයේ අනුමැතිය 


සඳුනි දේශප්‍රිය

හෙද සේවාවට බලපාන ඉල්ලීම් රැසකට අනුමැතිය ලබාදීමට මහා භාණ්ඩාගාරය තීරණය කර තිබේ.

ඒ අනුව හෙද ව්‍යවස්ථාවට අන්තර්කාලීක සංශෝධන සිදුකිරීම, හෙද හෙදියන්ට ලබාදෙන අනතුරු දීමනා ඒකක ප්‍රමාණය 9 සිට 14 දක්වා වැඩි කිරීම, අතිකාල දීමනා සඳහා රේට් ක්‍රමය ක්‍රියාත්මක කිරීම, පළමුවන ශේ‍ර්ණියේ හෙද නිලධාරීන් සඳහා භාණ්ඩ බාරකාර දීමනා වැඩිකිරීම හා කොළඹ පශ්චාත් හෙද අභ්‍යාස ආයතනය හෙද උපාධිය ලබාදෙන විශ්වවිද්‍යාල මණ්ඩලයක් බවට පත්කිරීම, ආදී ඉල්ලීම් 5 කට අනුමැතිය ලබාදීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් මහා භාණ්ඩාගාරයේ එකඟතාව පළකර ඇත.

පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශයේදී සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අදාළ ලියවිල්ල රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේට පිළිගන්වනු ලැබීය.

2012-12-05

http://www.mawbima.lk/86-8678-news-detail.html

No comments:

Post a Comment