Friday, December 7, 2012

සෞඛ්යට අමාත්යාංීශය නිවේදනය නිකුත් කළේ මේ ආකාරයට



Saturday, December 1, 2012 - 19:25

හෙද සේවා වෘත්තීය සමිති ඉදිරිපත් කළ ඉල්ලීම් 5 කට මහා භාණ්ඩාගාර අනුමැතිය හිමි වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ භාණ්ඩාගාර ලේකම්වරයා සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව අදාළ ඉල්ලීම් ලබාදීම සම්බන්ධයෙන්වන ප්‍රකාශය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාට ලැබී ඇති බව ය.

ඒ අනුව හෙද ව්‍යවස්ථාවට අන්තර් කාලීන සංශෝධන සිදුකිරීම, අතුරු දීමනා ඒකක ප්‍රමාණය 9 සිට 14 දක්වා වැඩි කිරීම, අතිකාල දීමනා සදහා අනුපාත ක්‍රමය ක්‍රියාත්මක කිරීම, පළමු ශ්‍රේණියේ හෙද නිලධාරින්ට භාණ්ඩ භාරකාර දීමනා වැඩි කිරීම සහ කොළඹ පශ්චාත් හෙද අභ්‍යාස ආයතනය හෙද උපාධි ලබාදෙන විශ්ව විද්‍යාල මණ්ඩපයක් බවට පත් කිරීම යන ඉල්ලීම්වලට අනුමැතිය හිමි වී තිබේ.
භාණ්ඩාගාර ලේකම්වරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කළ ලිපියෙන් දැනුම් දී ඇත්තේ එම ඉල්ලීම් වලට අදාළ චක්‍රලේඛ සති දෙකක් ඇතුළත නිකුත් කිරිමට පියවර ගන්නා බව ය.

http://www.newsfirst.lk/news1st-sin/node/17565

No comments:

Post a Comment