Sunday, December 30, 2012

හෙද වෘත්තිය සඳහා කලා විෂයන් යටතේ අධ්‍යාපනය ලැබු ළමුන් බඳවා ගැනීමට වෘත්තීය සමිති ඊට ඉඩ නො‍දේ


සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු උසස් පෙළ සඳහා අයදුම්කරන ග්‍රාමීය පාසල් දරුවන්ගෙන් වැඩි පිරිසක් එනම් දළ වශයෙන් සියයට 51ක් කලා විෂය තෝරාගන්නා බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
 
එසේම ග්‍රාමීය දරුවන්ගෙන් සියයට 27ක් වාණිජ අංශයද, සියයට 22ක් ගණිත අංශයද තෝරාගන්නා බව අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
 
මෙම වාතාවරණය මත හෙද වෘත්තිය සඳහා කලා විෂයන් යටතේ අධ්‍යාපනය ලැබු ළමුන් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟ වී ඇතත් වෘත්තීය සමිති ඊට ඉඩ නොදෙන බවද ඔහු සඳහන් කළේය.
මහින්දෝදය සංකල්පය යටතේ පාසල් 1000ක් ඉදිකිරීමට සැලසුම් කරන බවද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසුවේය.
 
සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයක්ම ආවරණය වන පරිදි එම පාසල් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයිද ඔහු කිවේය.
 
2010/2011 සරසවි වරම් ලැබු සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා කොළඹදී අද (28) පෙරවරුවේ පැවැති උත්සවයකදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ අදහස් පළ කරන ලදී

http://lankafocusnews.com/?p=831

No comments:

Post a Comment