Monday, December 10, 2012

හෙද ඉල්ලීමක් ඉටුවෙයි


හෙද නිලධාරීන් සඳහා උපාධි පිරිනැමීමේ අරමුණින් කොළඹ පශ්චාත් හෙද අභ්‍යාස විද්‍යාලය හෙද උපාධිය ලබාදෙන විශ්ව විද්‍යාල මණ්ඩපයක් බවට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

හෙද නිලධාරීන්ගේ දීර්ඝ කාලීන ඉල්ලීමකට අනුව හෙද සේවාව සඳහා උපාධි පිරිනැමීමට රජය ගත් තීරණයකට අනුව මෙම විශ්ව විද්‍යාල මණ්ඩපය ආරම්භ කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාතයංශය සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ජාවක දී මෙම තීරණය ගත් බව එම අමාත්‍යංශය පැවසුවේය.

විශ්ව විද්‍යාල මණ්ඩපයේ කටයුතු ක‍්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය, උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව නියෝජනය වන පරිදි ත‍්‍රිපුද්ගල කමිටුවක් ද අමාත්‍යවරයා විසින් පත් කර තිබේ.

ඒ අනුව ලබන වසරේ සිට හෙද උපාධිය සඳහා අදාළ, වසර 04 ක උපාධි පාඨමාලාව හැදෑරීමට අවශ්‍ය පහසුකම් සකස් කළ යුතු බව අමාත්‍යවරයා එම සාකච්ඡාවේ දී අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

http://sinhala.adaderana.lk/news.php?nid=29803

No comments:

Post a Comment