Friday, December 14, 2012


ඒමන්ති මාරඹේ

නොවිසඳී පවතින සේවා ඉල්ලීම් 10 ක්‌ මුල් කරගෙන දිවයින පුරා රජයේ රෝහල්වල සේවයේ නියුතු පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ ලබන අඟහරුවාද (18 දා) හා බදාදා (19 දා) යන දෙදින දීපව්‍යාප්ත වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්‌ඩලය පවසයි.

රජයේ ඖෂධවේදීන්, විකිරණ ශිල්පීන්, භෞතවේදී චිකිත්සකයන්, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයන් (එම්.එල්.ටී.), වෘත්තීයවේදී චිකිත්සකයන් යන පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ මෙම වර්ජනයට සහභාගි වන අතර වර්ජනය ක්‍රියාත්මක වන කාලසීමාව තුළදී ජීවිතාරක්‍ෂක සේවාවන් පමණක්‌ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්‌ඩලයේ ප්‍රධාන ලේකම් සමන් ජයසේකර මහතා zදිවයිනZට පැවැසීය.

මෙම වර්ජනය සඳහා බොරැල්ල කාසල් වීදිය කාන්තා, ද සොයිසා කාන්තා, මහරගම පිළිකා, බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා හා පේරාදෙණිය සිරිමාවෝ බණ්‌ඩාරනායක ළමා යන රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්, මානුෂීය හේතුන් මත එක්‌ කර නොගන්නා බව හෙතෙම සඳහන් කළේය.

2001 න් පසු වැඩි කර නොමැති දීමනා වැඩි කිරීම, වසර 7 ක්‌ තිස්‌සේ ප්‍රමාද වෙමින් පවතින පරිපූරක වෛද්‍ය සේවාවේ පළමු ශ්‍රේණියේ උසස්‌වීම් කඩිනමින් ලබාදීම, කැබිනට්‌ මණ්‌ඩලය වෙත යොමුකර ඇති රැකියා විරහිත පරිපූරක වෛද්‍ය උපාධිධාරින් 450 දෙනකුට පත්වීම් ලබා දීමේ යෝජනාව කඩිනමින් අනුමත කර ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් 10 ක්‌ මුල්කර ගෙන මෙම වැඩ වර්ජනය දියත් කරන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්‌ඩලයේ ලේකම්වරයා ප්‍රකාශ කළේය.


 http://www.divaina.com/2012/12/14/news11.html

No comments:

Post a Comment