Thursday, December 20, 2012

මහ වැස්‌සෙන් පීඩා විඳි ජනතාව රෝහල්වලට එද්දී වැඩ වර්ජනය කිරීම සෑම දෙනාම හෙළා දැකිය යුතුයි- සෞඛ්යී ඇමැති මෛත්රි පාල සිරිසේන



රට පුරා දහස්‌ ගණනක්‌ ජනතාව මහවැස්‌සෙන් ගංවතුරට හසුවී රෝගාතුරව රෝහල්වලට පැමිණෙන මොහොතක ඉල්ලීම් කිහිපයක්‌ නිසා වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කිරීම රටේ සෑම දෙනාම හෙළාදැකිය යුතුයෑයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ (19 වැනිදා) පෙරවරුවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට කනිෂ්ඨ කාර්ය මණ්‌ඩල සඳහා බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයක්‌ නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්‌ථානයේදී පැවැති අතර ඊට සහභාගිවෙමින් ඇමැතිවරයා මේ බව කීය. එහිදී වැඩිදුරටත් උත්සව සභාව ඇමැතූ ඇමැතිවරයා මෙසේද කීවේය.

ඔබ දන්නවා අද සෞඛ්‍ය අංශවල එක්‌තරා වෘත්තීය සමිතියක්‌ වැඩවර්ජනයක්‌ දියත්කර තිබෙනවා. වැඩවර්ජනය කරන්න, පිකටින් කරන්න, කෑකෝ ගහන්න, උද්ඝෝෂණය කරන්න, ප්‍රජාතන්ත්‍රවාදීව අපි ඒ අයිතිය දීලා තිබෙනවා. නමුත් අද ඇත්තටම වැඩවර්ජනය කළ යුතු දවසක්‌ද, අද රටේ විශාල පිරිසක්‌ මහජනතාව මහවැස්‌සේ ගංවතුරට කොටුවෙලා අනාථ කඳවුරුවල ඉන්නවා. මේ තියෙන දේශගුණයත් එක්‌ක විශාල පිරිසක්‌ රෝගීවෙලා රෝහල්වලට එනවා. මම වෘත්තීය සමිතිත් එක්‌ක සුහදව කටයුතු කරන කෙනෙක්‌. වෘත්තීය සමිති ඉල්ලීම් ලබාදිය යුතුයි කියලා විශ්වාස කරන කෙනෙක්‌. දෙන්න පුළුවන් දේවල් පුළුවන් නම් උපරිමයෙන්ම දෙන කෙනෙක්‌. හැබැයි මේ වගේ රටපුරා ගංවතුර නිසා විශාල වශයෙන් මිනිස්‌සු පිරිසක්‌ මැරිලා තියෙන වෙලාවක, විශාල පිරිසක්‌ අවතැන්ව සිටින වෙලාවක මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ග මනුෂ්‍යත්වයට ගැළපෙනවාද කියන එක ඔය වෘත්තීය සමිති නායකයෝ හිතලා බලන්න ඕන.

නමුත් අද විශාල පිරිසක්‌ මේ වර්ජනයට නොගිහින් අපේ රෝහල්වල රෝගී සත්කාරක සේවාවන් සපයන්න එකතුවෙලා ඉන්නවා. ඒ සියලුම දෙනාට මගේ කෘතඥතාව පිරිනමනවා. මේ රටේ රාජ්‍ය සේවකයා කියන්නේ සෞඛ්‍ය සේවකයෝ විතරක්‌ නොවෙයි. රාජ්‍ය අංශයේ ලක්‍ෂ 13 ක්‌ සේවකයෝ ඉන්නවා. ඒ වගේම පෞද්ගලික අංශයේ 21 ලක්‍ෂයක්‌ ඉන්aනවා. එතකොට මේ රෝහල්වල ඉන්න සේවකයෝ කියන්නේ සුපිරි පන්තියක්‌ නොවෙයි. පෞද්ගලික අංශයේ ලක්‍ෂ 21 ක්‌ අඩු වරප්‍රසාද ඇතිව විශාල සේවාවක්‌ කරනවා. එවැනි විටෙක මේ අහිංසක රෝගීන් බිල්ලට දීලා තමන්ගේ ඉල්ලීම් ලබාගන්න කටයුතු කරනවා නම් ඒ තරම් අකෘතඥකමක්‌ මේ ලෝකේ තවත් නැහැ.

මම බෞද්ධාගමිකයෙක්‌. මම පුනරුත්පත්තිය තදින් විශ්වාස කරන කෙනෙක්‌. අපි කරපු දේවල් තමයි අවසානයේ දී අපිට ප්‍රතිඵල වශයෙන් ලැබෙන්නේ. මම ගිය ආත්මේ කරපු පිං අනුව තමයි අද මම ඇමැතිවරයෙක්‌ වෙලා අවුරුදු 40 ගණනක්‌ දේශපාලනයේ ඉන්නේ. හැබැයි ඒ පිං අතරේ මම පවු කරලාත් ඇති. ඒ නිසා තමයි මේ වගේ විශාල පිරිසක්‌ අසරණ වෙලා ඉන්න වෙලාවක ඔවුන් බිල්ලට දීලා වැඩවර්ජනය කරන පවුකාරයොත් එක්‌ක වැඩකිරීමට සිදුවෙලා තියෙන්නේ. අපි දේශපාලනඥයෝ. අපි යනවා එනවා. ඒ වුණාට මේ සේවාවන් පවතින්න ඕන. සමහර වෙලාවට අපි ඉන්නේ අවුරුදු 05 ක්‌ වෙන්න පුළුවන්. හැබැයි මේ සේවය කරන අය අවුරුදු 30-40 ක්‌ සේවය කරනවා. ඔවුන්ට පඩි දෙන්නේ මේ රටේ ලොකු මිනිස්‌සු නොවෙයි. දුප්පත් අහිංසක මිනිස්‌සු තමයි මේ රජයේ සේවකයන්ට පඩි දෙන්නේ. ඒ නිසා ඒ අහිංසක මිනිස්‌සු වෙනුවෙන් සේවය කරන්නේ නැත්නම් ඒ පුද්ගලයෝ අවසානයේ උපදින්නේ අවීචි මහානරකාදියේ. ඒක දේශපාලනඥයාටත් පොදුයි. රජයේ සේවකයාටත් පොදුයි. වෘත්තීය සමිති නායකයාටත් පොදුයි.

මෙම අවස්‌ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතාද සහභාගි විය.

http://www.divaina.com/2012/12/20/news28.html

No comments:

Post a Comment