Friday, December 7, 2012

සෞඛ්යා ඇමැතිතුමා හෙද හෙදියන් බඳවා ගැනීම සඳහා විද්යා ව සමත් දරුවන්ගෙන් අයෑදුම්පත් කැඳවනු ලැබුවා


මේ රටේ රැකියාවලට අවශ්‍ය උගතුන් බිහිවන්නේ නැහැ
-
අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන


බිංගිරිය - සෝමසිරි ඒකනායක

මේ රටේ රැකියාවල් ඕනෑ තරම් තියෙනවා. නමුත් ඒවාට අවශ්‍ය උගතුන් බිහිවන්නෙ නෑ. මේ රටේ ඔබේ අපේ දරුවන්ගෙන් සියයට 22 යි උසස්‌ පෙළ විද්‍යාව හදාරන්නෙ. සියයට 25 යි වානිජ අංශයෙන් උසස්‌ පෙළ සමත්වන්නේ. ඉතිරි සියයට 53 ක්‌ම උසස්‌ පෙළ හදාරන්නේ කලා විෂයයන්. අපි මොනතරම් ගුරු පුහුණු වැඩසටහන් තිබ්බත්, පුහුණු සැසි තිබ්බත් මොන ආකාරයෙන් හිතුවත්, සැලසුම් කළත් ප්‍රතිඵලේ දරුවන්ට ගිහින් නෑ. අධ්‍යාපනයේ දැවැන්ත අර්බුදයක්‌ තිබෙනවා. අධ්‍යාපනයේ අවුල ඇත්තේ මෙතැනයි. එහෙත් බොහෝ දෙනකු සිතා සිටින්නේ විශ්වවිද්‍යාලයක ආචාර්යවරයකු සකසන ප්‍රශ්න පත්‍රයක ඇලපිල්ලක්‌, පාපිල්ලක්‌ ඉස්‌පිල්ලක්‌ වැරදුණොත් ඒක තමා විශාලම අවුල කියලයි. එය නිවැරදි කිරීමට අධ්‍යාපන ඇමැතිට ගෙදර පල කියනවා යෑයි අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කුලියාපිටිය පැවැති උත්සව සභාවකට සහභාගිවෙමින් පැවැසීය.

ජනපති ජන්ම දිනය හා පදවි ප්‍රාප්තියට සමගාමීව ජනතා අයිතියට පවරන ලද වයඹ පළාත් භාෂා අධ්‍යයනය පිළිබඳ ගුරු පුහුණු මධ්‍යස්‌ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගිවෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

රුපියල් ලක්‍ෂ 81 ක වියදමින් නිමකරන ලද භාෂා අධ්‍යයනය පිළිබඳ නේවාසික ගුරු පුහුණු මධ්‍යස්‌ථානය කුලියාපිටිය - යාකරවත්තේ පිහිටුවා ඇත. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා මෙසේ පැවැසීය.

අධ්‍යාපනයේ මේ ඇතිවී ඇති අවුල විසඳනතුරු මේ ගැටලුව නිරාකරණය කරගත නොහැකියි. මහින්ද චින්තනයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස්‌ කොට ඇත්තේද ඒ තුළින් දැනුම නගරයේ සුපිරි පාසල්වල පහසුකම් සහිත ද්විතියික පාසල් 1000 ක්‌ ගමට ගෙන එන්නේද එක්‌ පියවරක්‌ ලෙසිනි.

පසුගියදා සෞඛ්‍ය ඇමැතිතුමා හෙද හෙදියන් බඳවා ගැනීම සඳහා විද්‍යාව සමත් දරුවන්ගෙන් අයෑදුම්පත් කැඳවනු ලැබුවා. නමුත් ඒ සඳහා සුදුසුකම් සැපිරූ අය අවශ්‍යතාවයට ගැලපෙන අයුරින් නැහැ. එනිසා මේ සඳහා කලා අංශයෙන් ඉල්ලුම්පත් කැඳවීමට සූදානම් වෙද්දී ඔන්න වෘත්තීය සමිති වලට පොටක්‌. බෝඩ්ලෑලි උස්‌සාගෙන එයට විරෝධය පා පිකටිං කරනවා. පෙළ පාළි යනවා. මේවායි අධ්‍යාපනයේ අවුල්. ද්විතීයික පාසල් පිහිටුවීමෙන් පමණක්‌ මෙය විසඳිය නොහැකි අතර ඒ සඳහා පුහුණු ගුරුවරුන් අත්‍යාවශ්‍ය වේ. ඒ සඳහා විද්‍යා ගණිත ගුරුවරුන් 1000 ක්‌ද තොරතුරු තාක්‍ෂණය පිළිබඳ ගුරුවරුන් 1000 ක්‌ද ඉංග්‍රීසි විෂය සඳහා ගුරුවරුන් 1000 ක්‌ද වශයෙන් තුන්දාහක්‌ බඳවා ගැනීමට ජනාධිපතිතුමන් අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර දී තිබෙනවා. විභාග, සම්මුඛ පරීක්‍ෂණ පවත්වා සුදුසුකම් මත බඳවා ගැනීමට හැකිවී ඇත්තේ ගුරුවරුන් 200 ක්‌ පමණයි. එනිසා මේ නොගැලපෙන ක්‍රම සොයා ඉවත්කිරීම ගැටුම් සමථයකට පත්කිරීමට අවස්‌ථාව යෑයි පැවැසීය.

වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අතුල විඡේසිංහ මහතා අදහස්‌ දක්‌වමින්. - ප්‍රාථමික අධ්‍යාපන අංශයේ දිවයිනේ හොඳම පළාත ලෙස අප පළාත නම්කිරීම මේ පළාතේ බුද්ධිමත් ගුරු-සිසු-මවුපිය සියල්ලන්ටම කරන ලද ගෞරවයක්‌. විශේෂයෙන් මේ නිසාම හොඳ දරුවන් බිහිකිරීමට හොඳ ගුරුවරුන් තනන ආයතනයක්‌ අපේ ප්‍රදේශයට ලැබීම මේ දරුවන්ගේ වාසනාවක්‌ වන අතර මේ තුලින් ඉංග්‍රීසි භාෂාව පමණක්‌ නොව ලෝකයේ අනෙකුත් විවිධ භාෂා පිළිබඳ ඥනාලෝකය ලබාගැනීමටද කටයුතු කරන්නේ යෑයි පැවැසීය.

වයඹ පළාත් සමාජ අධ්‍යාපන ඇමැති, ගුණදාස දේහිගම, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඡේ. ජී. එන්. තිලකරත්න, පළාත් ලේකම් ජයන්ත විඡේරත්න, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රජිත් සිසිර කුමාර (ඉංග්‍රීසි) සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ උදය පුෂ්පකුමාර යන මහත්වරුද මෙහිදී අදහස්‌ දැක්‌වූහ.

පසුගිය ශිෂ්‍යත්ව විභාගයේදී කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ වැඩිම ලකුණු ලබාගත් සිසු සිසුවියන් හට සහතික පත් පිරිනැමීමද අධ්‍යාපන ඇමැතිවරයා අතින් සිදුකරනු ලැබීය.


http://www.divaina.com/2012/12/05/provin04.html


No comments:

Post a Comment